මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාරමී මාරිස්ටෙලාට නව නිවාස දෙකක්-අධ්‍යාපනයට හා කී‍්‍රඩා කටයුතු සඳහා රජයෙන් පහසුකම්

    ඔක්තෝබර් 22, 2018

    ආජන්ටිනාවේ පැවැති තුන්වන යොවුන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ දී ලෝකඩ පදක්කමක් හිමිකරගනිමින් ශී‍්‍ර ලංකාවට මහත් අභිමානයක් ගෙන දුන් පාරමී වසන්ති මාරිස්ටෙලා ක‍්‍රීඩිකාවට නිවාස දෙකක් අලූතින් ඉදිකර දීමට රජය තීරණය කළ බව වාරිමාර්ග, ජලකළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

    නිවාස අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළඹි බව අමාත්‍යවරයා කියා සිටියේය.

    මෙම පහසුකමට අමතරව ඇය දැනට ජීවත් වී සිටින හලාවත, ඉරණවිල පිහිටි නිවස දින 10 ක් ඇතුලත රජයේ වියදමින් අලූත්වැඩියා කර දීමටද රජය තීරණය කර තිබේ.

    වාරිමාර්ග, ජලකලමනාකරණ හා අපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා ඊයේ(21) පෙරවරුවේ ඇය පදිංචි ඉරණවිල නිවසට ගිය අතර නිවාස සංවර්ධන අධිකාරියේ පුත්තලම දිස්ත‍්‍රික්කයේ නිලධාරින්ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

    ආර්ථික දුෂ්කරතා රැසක් මැද ජීවත් වන ඇයගේ අධ්‍යාපන කටයුතු හා කී‍්‍රඩා කටයුතු වෙනුවෙන් පුළුල් දායකත්වයක් ලබා දිය යුතු බවත් අමාත්‍යවරයා පැවසීය.

    ඒ සඳහා අගමැතිවරයා හා අධ්‍යාපන අමාත්‍යවරයා සමග සාකච්ඡා කර ස්ථිර විසඳුමක් ලබා දීමට පියවර ගන්නා බව අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා ප්‍රකාශ කර සිටියේ ය.

    මෙහිදී අදහස් දැක්වූ පාරමී මාරිස්ටෙලා සිසුවිය මෙලෙස අදහස් පළ කළාය.

    මට අද හරිම සතුටුයි. මං වෙනුවෙන් රජය ලොකු දායකත්වයක් ලබා දීමට ඉදිරිපත් වීම ගැන. ඒ වගේම මගේ අම්ම තාත්තට මෙන්ම රටටත් මගෙන් තවත් යුතුකම් බලාපොරොත්තු වෙන්න මෙය හේතුවක් වේවි. ඒ වගේම මගේ ඔලිම්පික් සිහිනය සැබෑවක් කර ගන්නත් රටට කීර්තියක් ගෙන දෙන්නත් මේ දායකත්වයන් හේතු වේවි යැයි පැවසුවාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya