මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා බෝට්ටු ප්‍ර‍දර්ශනය සහ සැණකෙලිය 2018- ඔක්තෝම්බර් 26 සිට

    ඔක්තෝබර් 24, 2018

    ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය හා බෝට්ටු නිෂ්පාදන තාක්ෂණ දියුණු කිරීමේ ආයතනයන්හි සංවිධානයෙන් සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය, වරාය හා නාවික අමාත්‍යාංශය හා වාණිජ කටයුතු අමාත්‍යාංශය එක්ව පවත්වනු ලබන ශ්‍රී ලංකා බෝට්ටු ප්‍ර‍දර්ශනය සහ සැණකෙලිය ඹක්තොම්බර් මස 26 සිට 28 දක්වා ගාල්ල වරාය යොට් යාත්‍රා අංගනයේදී පැවැත් වෙයි.

    එහි සමාරම්භක උත්සවය 2018 ඔක්තෝබර් 26 වන දින ප.ව. 3.00 ට ගාලු වරාය යාත්‍රා අංගනය පරිශ්‍රයේදී සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය, ගරු මලික් සමරවික්‍ර‍ම මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් පැවැත්වෙයි.

    ශ්‍රී ලංකා බෝට්ටු ප්‍ර‍දර්ශනය සහ සැණකෙලියට සමගාමීව, 2018 ඔක්තෝබර් 27 දින උදෑසන 9.00 සිට පස්වරු 1.00 දක්වා ගාල්ලේ ජැට්වින් ලයිට්හවුස් හෝටලයේ දී නාවුක සංචාරක ක්ෂේත්‍ර‍ පිළිබඳ ජාත්‍යන්තර සමුළුවක් ද ‍පැවැත්වේ.

    මෙම බෝට්ටු ප්‍ර‍දර්ශනය සහ සැණකෙලිය මෙම වසරේ දකුණු ආසියවේ පැවැත්වෙන විශාලතම ප්‍රදර්ශනයයි.

    DMU/galle 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya