අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දුනු ශිල්ප ක්‍රීඩාවේ දකුණු පළාතේ සමාරම්භය මාතරින් ඇරඹේ

    මැයි 04, 2018

    මාතර දිස්ත්‍රික් දුණු විදීමේ ශිල්ප සංගමය ඇරඹීමෙන් පසු දුණු විදීමේ ක්‍රීඩාවේ සමාරම්භක උළෙල දකුණු පළාත් ක්‍රීඩා අමාත්‍ය මනෝජ් සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) දින මාතර - කොටවිල දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්විණි.

    2019 වසරේ සිට දුණු විදීමේ ක්‍රීඩාව පාසල් මට්ටමින් හා ජාතික මටිටමින් ජාතික මහා ක්‍රීඩා උළෙලට ඇතුළත්කිරීමට නියමිත අතර දුණු විදීමේ ක්‍රීඩාව නගා සිටුවීම හා ජනතාව අතර වඩාත් ප්‍රචලිත කිරීමේ අරමුණින්මෙ ම සමාරම්භක උළෙල සංවිධානය කරන ලද අතර ආරාධිත අමුත්තන් දුනු විදීමෙන් දුනු ශිල්ප ක්‍රීඩාවේ දකුණු පළාතේ සමාරම්භය සනිටුහන් කිරීමෙන් අනතුරුව පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා පුහුණු සැසියක් පැවැත්විණි.

    මේ අවස්ථාවට මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් කසුන් එස්.කේ. වැල්ලහේවා මහතා, දකුණු පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂක බන්දුල අබේසේකර මහතා, මාතර දිස්ත්‍රික් දුණු විදීමේ ශිල්ප සංගමයේ ගරු සභාපති දිස්ත්‍රික් ඉංජිනේරු ඩී.කේ. නානායක්කාර මහතා, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘති නිලධාරී හේමන්ත බණ්ඩාර මහතා, මාතර දිස්ත්‍රික් ක්‍රීඩා සංවර්ධන නිලධාරී ආර්.එම්.ඩී.ඒ. සෙනරත් මහතා, මාතර දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරී විරාජ් සිරිතුංග මහතා, ඇතුළු මාතර දිස්ත්‍රික් දුණු විදීමේ ශිල්ප සංගමයේ සාමාජිකයින් ඇතුළු සම්භාවනීය අමුත්තන් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන්, පාසල් දරු දැරියන් සහභාගි වී සිටියහ.

    මෙම ක්‍රීඩා උළෙල ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව හා දකුණු පළාත් ක්‍රීඩා අමාත්‍යංශය, මාතර දිස්ත්‍රික් දුණු ශිල්ප සංගමය හා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරන ලදි.


    දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය
    මාතර

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya