අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චීනය, සම්බුදු තෙමඟුල උත්සවශ්‍රීයෙන් සමරයි

    මැයි 01, 2018

    චීනයේ වෙසක් මංගල්‍යය මෙවරත් ඉතා උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.

    ලොව පුරා බෞද්ධ ජනතාව උත්සව ශ්‍රීයෙන් සමරන වෙසක් පොහෝ දිනයේ ,ආමිස , ප්‍රතිපත්ති පූජා සියල්ල චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පරිශ්‍රයේදී ද ඉතා ගෞරවාන්විත ලෙසත් අංලකාරවත් ලෙසත් පැවැත්වී ය.

    තායිලන්තය , ලාඕසය , නේපාලය , ඇතුළු බෞද්ධ අගමික පිරිස් වෙසෙන රටවල තානාපතිවරු පිරිසක් ද මේ අවස්ථාවට පැමිණ සිටිය හ. චීනයේ වෙසෙන ශ්‍රී ලංකාකියින් මෙන්ම චීන ජාතිකයින් පිරිසක් ද එහිදී පෙහෙවස් සමාදන් විය.

    කාගේත් වැඩි අවධානයක් යොමු වුයේ වෙසක් පහන් කූඩු හා සම්බුදු තෙමගුල සිහිකරමින් ගැයූ බැතී ගී සැදෑව වෙතයි. චීනයේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් මෙන්ම චීන තානාපති කාර්යාලයේ නිලධාරින් ද මෙහිදී බැති ගී ගායනයට එක්විය.

    සිංහල භාෂාව හදාරන චීන ජාතික සිසු සිසුවියෝ ද මෙහිදී භක්ති ගීත ගායනා කළහ. තානාපති කාර්යාල පරිශ්‍රයතුල දන්සල් ද කිහිපයක් ම පැවැත්විණි. චීන ජාතිකයන් විසින් හා පාකිස්තාන තානාපති කර්යාලයෙන් ද දන්සල් සංවිධානය කර තිබීම විශේෂත්වයකි.

    විශේෂ පුහුණුවක් සදහා චීනය පැමිණ සිටින ශ්‍රීලාංකික වෛද්‍යවරුන් පිරිසක් එක්ව වෛද්‍ය සායනයක් ද පැවැත්වී ය. මීට අමතරව ශ්‍රීලංකාවේ බෞද්ධ ශ්‍රී විභූතිය මෙන්ම බුදු දහම පවතින වෙනත් රටවල බෞද්ධ සිද්ධස්ථානයන් හී ඡායාරූප විශාල ප්‍රමාණයක් ප්‍රදර්ශනය කර තිබුණි. චීනයේ වෙසෙන ශ්‍රීලංකිකයින් එක්ව පවත්වාගෙන යන බෞද්ධ සංගමය මගින් සම්පාදිත විශේෂ වෙසක් සගරාව , චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු මහතා වෙත පිළිගැන්වීම ද මෙම අවස්ථාවේ සිදු විය.

    මෙම උත්සවය සංවිධානය කලේ , චීනයේ ශ්‍රීලංකා තානාපති කාර්යාලය හා චිනයේ බෞද්ධ සංගමය එක්ව යි. චීනයට පැමිණ විවිධ රැකියාවල නිරතවන්නන් , අධ්‍යපානය ලබන සිසු සිසුවියන් මෙන්ම විවිධ පුහුණු පාඨමාලා සදහා පැමිණ සිටින පිරිස් උත්සවයේ සාර්ථකත්වයට සිය දායකත්වය දැක්වී ය.

     

    chnaa

    ෂෙල්ටන් ඉන්දික බණ්ඩාර
    චීනයේ බීජිං සිට

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya