අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තර ක්‍රීඩා තරඟ සඳහා සහභාගී වන සියළුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් තහනම් උත්තේජක පරීක්ෂණ සඳහා යොමු විය යුතුයි

    මැයි 12, 2018

    තහනම් උත්තේජක පරීක්ෂණ සඳහා ක්‍රීඩකයන් සහභාගී කරවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනයේ නිළධාරීන් සහ ක්‍රීඩා, පලාත් සභා හා පලාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්විනි.

    මෙහි දී අදහස් දැක්වූ අමාත්‍යවරයා ජාත්‍යන්තර ක්‍රීඩා තරඟ සඳහා සහභාගීවන සියළුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඒ සදහා සහභාගී වීමට ප්‍රථම තහනම් උත්තේජක පරීක්ෂණ සදහා යොමු කරවීම අදාළ ක්‍රීඩා සංගම් සතු වගකීමක් බව පැවසීය.

    ක්‍රීඩක ක්‍රීඩිකාවන්, ජාත්‍යන්තර තරඟ වලට සහභාගී වීම සඳහා ගරු ක්‍රීඩා,පලාත් සභා හා පලාත් පාලන අමාත්‍යතුමාගේ අනුමැතිය ලබා ගැනීම අතරතුර තහනම් උත්තේජක පරීක්ෂණ වලට යොමු කිරීම හා තහනම් උත්තේජක සම්බන්ධයෙන් දැනුවත් වීම අනිවාරයෙන්ම සිදු කල යුතු බවට අමාත්‍යතුමාගේ හා ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනයේ අවධානය යොමු විය.

    තහනම් උත්තේජක පරීක්ෂණ සඳහා ක්‍රීඩකයන් සහභාගී කරවීම සම්බන්ධයෙන් ක්‍රීඩා සංගම් විසින් එකී තරඟ පැවැත්වෙන දිනට, මසකට පෙර තහනම් උත්තේජක මර්දන නියෝජ්‍යායතනයෙන් තහනම් උත්තේජක පරීක්ෂණ සඳහා යොමු කිරීමටත් කටයුතු කළ යුතු බවට ද මෙහි දී තීරණය විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya