අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංවර්ධනය වෙමින් පවතින රටවල කෘෂි ආර්ථීකය නැංවීමට චීනයේ සහය

    මාර්තු 10, 2018

    සංවර්ධනය වෙමින් පවතින රටවල කෘෂි ආර්ථිකය නගාසිටුවීම සදහා ඉදිරියේ දී විශාල වශයෙන් සහය වන බව එරට කාෂීකර්ම අමාත්‍ය හං චැං ෆු මහතා පැවසී ය.

    මේ වන විටත් රටවල් 140 සංඛ්‍යාවක් සමග කෘෂිකාර්මික වශයෙන් සෘජු සබදතා පවත්වා ගනිමින් සිටී.

    මෙහිදී තම රටට මෙන්ම අනෙක් රටවලට ද දියුණු කෘෂිකාර්මික සමාජයක් නිර්මාණය කිරීමට හැකිවන බව චීන කෘෂිකර්ම අමාත්‍යවරයා පෙන්වා දෙයි. චීනයේ සමස්ථ ඉදිරි සංවර්ධනය පිලිබදව ගැඹුරින් සාකච්ඡා කරන චීන ජාතික මහා කොංග්‍රසය මේ දිනවල රැස්වේ. ඊට සමගාමීව චීන කෘෂිකර්මාන්තය පිළිබදව සාකච්ඡා කිරීම සදහා පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී කෘෂිකර්ම අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ය. 

    චීනයේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවත්වන බොහෝ ජනතාව කෘෂිකර්මාන්තය ජිවිකාව කරගෙන තිබේ. කෘෂිකර්මය සදහා වන මනා පරිසරයක් ද එම ප්‍රදේශවල පවතී. මහජන චීන රජය ආරම්භ කළ දා සිට එම ප්‍රදේශවල කෘෂිකර්මාන්තය ක්‍රමයෙන් වර්ධනය වී තිබේ. 1978 සිට විවිධ අන්තයන්ගෙන් ගොවීන්ට සහන සැලසීම නිරන්තරවම සිදුවේ. කෘෂිකර්මාන්තය විද්‍යාත්මක වශයෙන් තවදුරටත් වැඩිදියුණු කිරීම චීනයේ අරමුණයි.

    වගා ව්‍යාප්තියත් සමග ග්‍රාමීය ප්‍රදේශවල ආර්ථික ශක්තිය වැඩි දියුණු වෙමින් පවතී. බිත්තර , මස් , එළවළු , පළතුරු , ආදී කෘෂි නිෂ්පාදනයන්ගෙන් දැන් චීනය ප්‍රමුඛ තැනක සිටී. ඒ නිසාම චීන ජනතාවගේ ජීවන ප්‍රගතිය උසස්වී තිබේ. 1978 වර්ෂය වනවිට චීනයේ ග්‍රාමිය වශයෙන් ජීවත් වූ දුප්පත් ජනතාවගේ සංඛ්‍යාව මිලියන 250 ක් පමණ විය. නමුත් එය අදවන විට මිලියන 27 දක්වා අඩු වී තිබේ. ග්‍රාමීය වශයෙන් කෘෂිකාර්මික ප්‍රගතියක් ඇතිකිරීම මිට ප්‍රධානතම හේතුවයි.

    කෘෂිකාර්මික අංශයෙන් විවිධ පහසුකම් හා උපකරණ වලින් සන්නද්ධ කරමින් , විද්‍යාත්මක කෘෂි ආර්ථිකයකට තව තවත් චීන ජනතාව හුරු කරවීම හරහා ගෝලීය කෘෂි ආර්ථිකයට ඉහළ දායත්කත්වයක් චීනයෙන් ලබාදීම එරට රජයේ අරමුණ වී තිබේ.

    ෂෙල්ටන් බණ්ඩාර-චීනයේ බීජිං සිට  

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya