මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රජා පාදක ක්‍රීඩා ප්‍රවර්ධන වැඩසටහනේ ලියාපදිංචිය ඇරඹේ

    මාර්තු 13, 2018

    ශ්‍රී ලංකාවේ සමස්ත ජනතාව ක්‍රීඩා කටයුතුවලට සහභාගී කරවීම උදෙසා ප්‍රජා පාදක ක්‍රීඩා ප්‍රවර්ධන වැඩසටහන ග්‍රාමීය මට්ටමින් ජනගත කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.

    ලෝකයේ සෑම රටක්ම Sports for All නමින් වැඩසටහන් දියත් කරයි. මෙමගින් ග්‍රාමීය මට්ටමේ සිට නාගරික මට්ටම දක්වා ජීවත්වන බාල, තරුණ , වැඩිහිටි, ආබාධිත ආදී සියලුම ජනකොටස් තරඟකාරී හා විනෝද ක්‍රීඩා
    කටයුතු කෙරෙහි යොමු කරනු ලබයි.

    ඒ අනුව, මෙම වැඩසටහන ග්‍රාමීය මට්ටමින් සම්බන්ධීකරණය කිරීම සඳහා ස්වේච්ඡාවෙන් දායකත්වය ලබා දිය හැකි, ශ්‍රී ලාංකිකයන් ලියාපදිංචි කිරිමට ක්‍රීඩා අමාත්‍යංශය බලාපොරොත්තු වේ.

    ප්‍රජා පාදක ක්‍රීඩාව ප්‍රවර්ධනය සඳහා ඔබේ දැනුම හා ක්‍රියාකාරිත්වය ලබා දීමට අපේක්ෂ කරයි නම්, අයදුම්පත ඉදිරිපත් කරන තැපැල්පතෙහි වම්පස ඉහල කෙළවරේ , ක්‍රීඩා අමාත්‍යංශයීය සන්නාමය ප්‍රජාව වෙත ගෙන යෑමේ
    වැඩසටහන් යනුවෙන් සඳහන් කර මාර්තු මස 25 දිනට පෙර ලේකම්, ක්‍රීඩා අමාත්‍යංශය ,අංක 09,පිලිප් ගුණවර්ධන මාවත, කොළඹ 07 යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවීමට කටයුතු කරන මෙන් ක්‍රීඩා අමාත්‍යාංශය
    දන්වා සිටියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya