මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ක්‍රිඩා සංවර්ධනය සඳහා ගාල්ලට පසුගිය වසරේ වැඩි අවස්ථාවක්

    මාර්තු 07, 2018

    ක්‍රීඩා අමාත්‍යාංශය මගින් පසුගිය 2017 වර්ෂය සඳහා ගාල්ල දිස්ත්‍රික්කය සඳහා රු. මි. 17.4 ක ප්‍රතිපාදන යටතේ ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇත. මේ යටතේ ක්‍රීඩා පිටි සංවර්ධන සඳහා රු. මි. 5.4 ක මුදලක් සහ පැති විකට්ටු ඉදි කිරීම සඳහා රු. මි. 9.0 ක මුදලක් ද වෙන් කර තිබිණ. ඇවිදින මංතීරුවක් ඉදි කිරීම සඳහා ද රු. 1,995,000.00 ක මුදලක් ක්‍රීඩා අමාත්‍යාංශය මගින් වෙන් කර දී තිබේ.

     

    ක්‍රීඩා අමාත්‍යාංශය මගින් ක්‍රීඩා පිටි සංවර්ධනය සඳහා වෙන් කරන ලද මුදල බෙන්තොට, ගාල්ල, කඩවත්සතර, අක්මීමණ, ඇල්පිටිය, හබරාදූව, බලපිටිය, හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ නාගොඩ, යක්කලමුල්ල, ඉමදූව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ තිබෙන පාසල් ක්‍රීඩා පිටි සහ මහජන ක්‍රීඩා පිටි සංවර්ධනය කිරීම සඳහා යොදවා තිබේ.

    ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අමුගොඩ විද්‍යාලීය ක්‍රීඩාංගනය සහ ඕපාත නාලන්දා විද්‍යාලීය ක්‍රීඩාංගනය මේ යටතේ සංවර්ධනය කිරීම සඳහා රු. 4,000,000.00 ක ප්‍රතිපාදන යොදවා ඇත. ගාල්ල කඩවත්සතර පරමානන්ද විදුහලත් බෙන්තොට කොට්ඨාසයෙන් මහවිල විද්‍යාලයේ වොලිබෝල් පිටියත් සංවර්ධනය කිරිම ද සිදු කෙරිණි. රු. 228,920.00 ක මුදලක් වැය කරමින් අක්මීමණ හියාරේ නැගෙනහිර විද්‍යාලීය ක්‍රීඩා පිටිය ද සංවර්ධනය කිරීම ද සිදු විය.

    හබරාදූව උණවටුන ගැමුණු ක්‍රීඩාංගනය සඳහා ලැබුණු ප්‍රතිපාදන රු. 199,820.00 ක මුදලකි. නිරෝගිමත්දැ යක් උදෙසා ක්‍රීඩාවේ ඇති මහඟු දායකත්වය හේතුවෙන් මහජන ක්‍රිඩා පිටි දියුණු කිරීම මෙම ව්‍යාපෘතිය හරහා සිදු විය. කන්දෙගොඩ ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගනය හා හික්කඩුව ලෂින්ටන් ක්‍රීඩා පිටිය සංවර්ධනය කිරීමටද මෙමගින් මුදල් වෙන් වූ අතර නාගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ මාපලගම ක්‍රීඩාංගනය සංවර්ධනය කිරීම සහ යක්කලමුල්ල ඇල්ල ඉහළ දිමුතු ක්‍රීඩා පිටිය ආශ්‍රිත කාණු පද්ධතිය සැකසීමටද ක්‍රීඩා අමාත්‍යාංශය ප්‍රතිපාදන සපයා ඇත.


    ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් සිසුන්ගේ ක්‍රීඩා කෞෂල්‍යය දියුණු කිරීම උදෙසා කිකට් ක්‍රීඩාව දියුණු කිරීමේ අරමුණෙන් පැති විකට්ටු ඉදි කිරීම සඳහාද පසුගිය 2017 වර්ෂය සඳහා රු. මි. 9.0 ක මුදලක්
    වෙන් කර ඇත. එක් ව්‍යාපෘතියක් සදහා මුදල රු. 600,000.00 කි.

    බලපිටිය කොට්ඨාසයේ අහුන්ගල්ල රාජපක්ෂ විද්‍යාලය සහ බලපිටිය රේවත විද්‍යාලයත් අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ කුලරත්න විද්‍යාලය සහ දේවානන්ද විද්‍යාලයටත් පැති විකට්ටු ඉදි කිරීම සිදු විය. බද්දේගම වඳුරඹ මධ්‍ය මහා විද්‍යලයට සහ බෙන්තොට ගාමි‍‍ණී විද්‍යාලයටත් ඇල්පිටිය ඉඳිපල්ලෙගොඩ මධ්‍ය මහා විද්‍යාලයට සහ හික්කඩුව මාදාම්පා විද්‍යාලයටත් මේ යටතේ පැති විකට්ටු ඉදි කර තිබෙන අතර අනෙකුත් ප්‍රතිපාදන කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ පාසල් 04 කට ලබා දී තිබේ.

    ගිංතොට මධ්‍ය විද්‍යාලය, විද්‍යාලෝක විද්‍යාලය, රිච්මන්ඩ් විද්‍යාලය සහ ශාන්ත ඇලවීෂියස් විද්‍යාලය එම පාසල් අතර වේ. තවලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඕපාත මහා විද්‍යාලයට හා විද්‍යාරාජ මධ්‍ය විද්‍යාලයට පැති විකට්ටු ඉදි කිරීම ද මේ යටතේ සිදු විය. එමෙන්ම නිරෝගිමත් දිවිපැවැත්මක් සඳහා වැලිවිටියදිවිතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ඇවිදින මංතීරුවක් ඉදිකිරීමට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් පසුගිය වසරේ ප්‍රතිපාදන ගාල්ල දිස්ත්‍රික්කය සඳහා ලබා දුන් අතර එම ව්‍යාපෘතියට ලබා දුන් මුදල ලක්ෂ දෙකකට ආසන්න වේ.


     DMU/Galle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya