මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික සංචිතගත ක්‍රීඩා කණ්ඩායම්හි කාර්යසාධනය ප්‍රවර්ධනය කිරීමට පියවර

    ජනවාරි 28, 2018
    ජාත්‍යන්තර තරග, තරගාවලි ජයග්‍රහණ ඉලක්ක කරගනිමින් පුහුණු සංචිතවල කාර්යසාධනය වැඩි කිරීම අත්‍යවශ්‍ය බැවින් එම සංචිතවල ක්‍රීඩකයින් සඳහා රාජ්‍ය ආයතනයන්හි පත්වීම් ලබා දීම මඟින් ඔවුන් දිරිගැන්වීමටත් ක්‍රීඩා අමාත්‍යංශය සැලසුම් කොට ඇත.
    මේ වන විටත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වැඩිදෙනෙකු රාජ්‍ය, ත්‍රිවිධ හමුදාව, පොලීසිය වැනි ආයතනවල සේ‍වයේ යෙදමින් ක්‍රීඩාවල යෙදෙන බැවින්, පුහුණු කටයුතු සඳහා ඔවුන් එම වෘත්තීය පරිසරයෙන් පූර්ණකාලීනව නිදහස් කරගැනීමට අවශ්‍ය බැවින් මෙම පියවර ගැනීමට එම අමාත්‍යංශය තීරණය කොට ඇත.
     
    ශ්‍රී ලංකාවේ සිටින වෘත්තීයමය ක්‍රීඩක - ක්‍රීඩිකාවන් සංඛ්‍යාව අ‍තළොස්සක් වන අතර, ඔවුන්ගෙන් වැඩිදෙනෙක් තම දෛනික රාජකාරි හා අනෙකුත් කටයුතු අතර, ඉඩප්‍රස්තා ලැබෙන පරිදි ක්‍රීඩා පුහුණුවීම්වල නිරත වෙති. ජාත්‍යන්තර තරගාවලි ඉලක්ක කරගනිමින් ක්‍රීඩක - ක්‍රීඩිකාවන්ගේ කාර්යසාධනය ඉහළ නැංවීම සඳහා ඔවුන් පුහුණු සංචිතවලට ඇතුළත් කරගෙන තාක්ෂණික පුහුණුව, ආහාරපාන, වෛද්‍ය උපදේශකත්වය, ඖෂධ ආදිය නිවැරදි මගපෙන්වීම යටතේ ලබා දීම ඉතා වැදගත් වේ. 
     
    දැනට ක්‍රීඩා අමාත්‍යාංශය විසින් මලල ක්‍රීඩා, බර ඉසිලීම, වූෂු, හොකී, රගර්, කරාතේ යන ක්‍රීඩා හා පැරාඔලිම්පික් තරග සඳහා ක්‍රීඩා පුහුණු සංචිත පවත්වාගෙන යනු ලබන අතර, එමඟින් ක්‍රීඩක - ක්‍රීඩිකාවෝ 159 දෙනෙක් පුහුණු කෙරෙති. එම සංචිතවල ක්‍රීඩක - ක්‍රීඩිකාවන් සඳහා එක් අයෙකුට රුපියල් 10,000 සිට 80,000 දක්වා වන දීමනාවක් ද ගෙවනු ලැබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya