අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ක්‍රීඩා ඇමති සුබ පතයි- ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහනයේ රිදී රේඛාවක් පහළ වුණා

    ජනවාරි 27, 2018

    පරාජයේ වළකුලෙන් වැසි තිබූ ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහනයේ රිදී රේඛාවක් පහළ වූ බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

    බංගලාදේශ කණ්ඩයම පරාජයට පත්කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලැබූ ජයග්‍රහනය සම්බන්ධයෙන් සුබපතුම් එක්කරමින්  ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අද (27) රජයේ නිල පුවත් වෙබ් අඩවියට ප්‍රකශයක් කරමින් මේ බව සඳහන් කළේ ය.


    ''ජයග්‍රහනයට අනෙක් ප්‍රධාන හේතුව වන්නේ නව පුහුණුකරු වන චන්දික හතුරුසිංහ මහතගේ පැමිණීමයි. ඒ තුළින්  ක්‍රීඩකයන්ගේ විශ්වාසය ඉහළ ගියා. ක්‍රීඩකයන්ගේ එකමුතුකම,විනයණුකූල කණ්ඩායමක් ලෙස තමන්ගේ
    හැකියාවන් පෙන්වා තිබෙනවා. චන්දිමල්ගේ නායකත්වය මේ වෙනසට හේතුවක් වුණා. ඉතාමත් හොඳ නායකත්වයක් ලබාදුන්නා. දිනන මානසිකත්වය තවදුරටත් ඉදිරියට පවත්වාගනිමින් 2019 ලෝක කුසළානයේ ජයග්‍රහනය ලබාගැනීමට හකිවේවා යැයි මම ශ්‍රී ලංකා කණ්ඩායමට සුබපතුම් එක් කරනවා යැයි ද අමාත්‍යවරයා  පැවසී ය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya