අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආබාධිත රණවිරුවන්ගේ චෙස් ශුරතාවලිය ජනවාරී 2 දා සිට

    දෙසැම්බර් 27, 2017

    ශ්‍රී ලංකා යුද්ධ හමුදා චෙස් කමිටුවේ සංවිධායකත්වයෙන් අන්තර් රෙජිමේන්තු සහ ආබාධිත රණවිරුවන්ගේ චෙස් ශුරතාවලිය - 2018, බූවැලිකඩ සංඥා පුහුණු පාසලේ දී සහ පාන්ගොල්ල ‘අභිමංසල 3’ හි දී 2018 ජනවාරි මස 02 සිට 05 දක්වා පැවැත්වීමට නියමිතය.

    දෘශ්‍යාබාධිත හා ආබාධිත රණවිරුවන් මෙහිදි සිය දක්ෂතා එළිදැක්වීමට නියමිත අතර, චෙස් ක්‍රීඩාව යුද්ධ හමුදාව තුළ මේ වන විට වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතී.

     

    කුරුණෑගල “ඇතුගල්පුර නයිට් ෆ්ලේම් චෙස් සමාජය” විසින් ජාත්‍යන්තර චෙස් ක්‍රීඩා ප්‍රමිතීන්ට අනුකූලව බ්ලු ස්කයි හෝටල් භූමියේදි මීට දින කිහිපයකට පෙර දින හතරක් පුරා දිවයිනේ 34කට වැඩි චෙස් කණ්ඩායම් හි සහභාගිත්වයෙන් පවත්වන ලද වෙළද සේවා සහ රාජ්‍ය අංශ කාණ්ඩයේ චෙස් ශූරතා තරගාවලියේ දී, යුද්ධ හමුදා චෙස් ක්‍රීඩකයින් ශූරතාවය හිමි කර ගැනීමට ද සමත්විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya