අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික ස්කොෂ් ශූරතා තරගාවලිය 2017ට යුද හමුදාවේ අනුග්‍රහය

    දෙසැම්බර් 12, 2017
     
    මෙවර 37 වන ජාතික ස්කොෂ් තරඟය 2017 ලබන 16, 17, 18 හා 19 වෙනිදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බව ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය මධ්‍යස්ථානයේ  ඊයේ (11) පැවැති  මාධ්‍ය හමුවක දී  කමාන්ඩර් (විශ්‍රාමික) ඩබ්ලිව්.එස්.පී. ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.
     
    මෙවර ජාතික ස්කොෂ් තරඟාවලිය 2017 ශ්‍රී ලංකා යුද හමුදාවේ අනුග්‍රහයෙන් පැවැත්වෙන අතර  ක්‍රීඩා ක්ෂේත්‍රය දියුණු කිරීම සඳහා දිරිගැන්වීමක් ලෙසින් ඉතිහාසයේ පළමු වරට අනුග්‍රහය දක්වන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
     
    කාන්තා හා පිරිමි විවෘත වශයෙන් හා වයස අවුරුදු 45, 50, 55 ට ඉහළ කාන්තා හා පිරිමින් සඳහා මෙම තරගය පැවැත්වේ.
     
    ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා අවසන් දින (19) ත්‍යාග ප්‍රදාන උත්සවයට සහභාගීවීමට නියමිතය.
     
    ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ යුධ හමුදා ස්කොෂ් කමිටුවේ බලධාරීන් සමග සම්බන්ධීකරණයෙන් මෙම තරඟාවලිය සංවිධානය කරනු ලබයි.
     
    යුද හමුදා මූලස්ථානයේ හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් රොෂාන් සෙනෙවිරත්න, යුද හමුදා මූලස්ථානයේ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් එච්ජීඅයි විද්‍යානන්ද, ශ්‍රී ලංකා යුද හමුදා ස්කොෂ් කමිටුවේ සභාපති බ්‍රිගේඩියර් අනුර සුදසිංහ, යුද හමුදා මූලස්ථානයේ අධ්‍යක්ෂ එයාර් කොමඩෝර් ඒ. අබේසේකර (සභාපති) ජාතික ස්කොෂ් සංගමය, ආඥාපති, ඩබ්ලිව්එම්පී ජයවර්ධන (ජාතික), ජාතික ස්කොෂ් සංගමයේ ලේකම් ලාන්ස් කෝප්රල් එච්එම්වයි චතුරංග, යුධ ස්කොෂ් ක්‍රීඩකයා සහ මහජන බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ තවත් නිලධාරීන් කිහිපදෙනෙකු ද මෙම මාධ්‍ය හමුවට එක්වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya