අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චීන නාවික හමුදාවට අයත් රෝහල් නෞකාවක් ශ්‍රී ලංකාවට

    අගෝස්තු 07, 2017
    චීන නාවික හමුදාවේ රෝහල් නෞකාවක් වන “හෙපින්ග්ෆැන්ග්ශු” (A Hospital Ship of the People's Liberation Army Navy of China “Heping fangzhou”) නෞකාව ඊයේ (06) උදෑසන කොළඹ වරායට පැමිණි අතර නාවික සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගෙන ඇත.
     
    ලෝකය පුරා ඇති වන හදිසි ආපදා තත්ත්වයන්ට ක්‍ෂණිකව මානුෂීය සහන ලබාදීමේ අරමුණින් යුතුව මෙම නෞකාව නිර්මාණය කර ඇති අතර (Engage swiftly in humanitarian response to disasters around the world), උසස්ම තාක්‍ෂණයෙන් පරිපූර්ණ මෙම නෞකාව ‘ආර්ක් පීස්’ (Ark Peace) නමින් ද හදුන්වනු ලබයි.
     
    මහජන චීන සමූහාන්ඩුව විසින් නිර්මාණය කොට නිපදවා ‍ඇති මෙම රෝහල් නෞකාව දිගින් මීටර් 178 ක් සහ පළල මීටර් 24ක් වේ. මෙහි 381 දෙනෙකුගෙන් යුත් නෞකා කර්යය මණ්ඩලයක් රාජකාරී කරන අතර, ලොව පුරා සංචාරය කරමින් 120,000කට වැඩි පිරිසකට මෙමගින් වෛද්‍ය පහසුකම් ලබා දීමට කටයුතු කර ඇත. නවීන පහසුකම්වලින් යුත් ශල්‍යාගාර (Theaters), දැඩි සත්කාර ඒකක (Intensive care units), විශේෂඥ වෛද්‍ය සේවාවන්(Consultant medical services), නේවාසික ප්‍රථිකාර ඒකක (Residential treatment units), CT පරිලෝකන යන්ත්‍ර ( Computerized tomography machine) ඇතුළු සියළුම වෛද්‍ය පහසුකම් මෙම නෞකාව සතුය. එමෙන්ම හදිසි අවස්ථාවකදී කඩිනමින් රෝගීන් ප්‍රවාහනය කිරීම සඳහා හෙලිකොප්ටර් යානයක් (Onboard helicopter facility) ද නෞකාව සතුව පවතී.
     
    සිව් දින සංචාරයක් සඳහා දිවයිනට පැමිණි මෙම රෝහල් නෞකාවේ වෛද්‍ය කාර්යය මණ්ඩලය ශ්‍රී ලංකා නාවික හමුදා වෛද්‍ය අංශයේ පිරිස් එක්ව විශේෂ වෛද්‍ය සායනයන් කිහිපයක් පැවැත්වීමට ද කටයුතු සංවිධානය කර ඇත. ‍එමෙන්ම, ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් සහ වෛද්‍ය ශිෂ්‍යයන් හට මෙම වෛද්‍ය නෞකාව නැරඹීමේ අවස්ථාව සළසා දීමට කටයුතු සූදානම් කර ඇති අතර මෙම නෞකාව 09දා කොළඹ වරායෙන් පිටත්වයාමට නියමිතව ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya