මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවරට ක්‍රීඩා සංවර්ධන වැඩසටහන් රැසක්

    අගෝස්තු 10, 2017
    ක්‍රීඩා අමාත්‍යංශය මගින් මහනුවර දිස්ත්‍රික්කයේ ක්‍රීඩා කටයුතු ඉහළ දැමීමේ අරමුණින් ක්‍රීඩාපිටි සංවර්ධනය කොට වැඩි දියුණු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කොට තිබේ. 
     
    එම වැඩසටහන යටතේ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 15 ක ක්‍රීඩාංගණ 19 ක් වැඩි දියුණු කිරීමට කටයුතු යොදා තිබේ. ඒ යටතේ ප්‍රාදේශීය සභාවලට අයත් පොදු ක්‍රීඩාංගණ සහ පාසල්වලට අයත් ක්‍රීඩාංගණ වැඩි දියුණු කෙරෙන අතර, ඒ සඳහා වෙන් කොට ඇති මුදල මිලියන 20 කට ආසන්නය. 
     
    ක්‍රීඩා පිටි සංවර්ධනය කිරීමේ මෙම වැඩසටහන යටතේ  පන්විල, යටිනුවර සහ උඩපළාත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ක්‍රීඩාංගණ දෙක බැගින් වැඩි දියුණු කෙරෙන අතර, මේ වන විටත් ක්‍රීඩා පිටි 05 ක සංවර්ධන කටයුතු සම්පූර්ණයෙන් නිම කොට තිබේ.
     
    මීට අමතරව ක්‍රිකට් ක්‍රීඩා පුහුණුවීම් සඳහා යොදා ගන්නා දැල් ආවරණය කොට සාදනු ලබන කොන්ක්‍රිට්   (පැති විකට්) තණතිලි 14 ක් තෝරාගත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 08ක සිදු කෙරෙන අතර,  එම ව්‍යාපෘතිය සඳහා ද මහනුවර දිස්ත්‍රික්කයට රුපියල් මිලියන අටකට වැඩි මුදලක් වෙන් වී තිබේ. 
     
    ක්‍රීඩා අමාත්‍යංශය යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ ක්‍රීඩා කටයුතු සංවර්ධනය සඳහා වෙන් කොට ඇති මෙම මුදලට අමතරව මධ්‍යම පළාත් සභා අරමුදල් යටතේ ක්‍රීඩා සංවර්ධන කටයුතු සඳහා ව්‍යාපෘති 26 ක් සඳහා මිලියන අටකට ආසන්න මුදලක් වෙන් කොට තිබේ. මෙම ව්‍යාපෘති සියල්ලම මෙම වසර අවසන් වීමට ප්‍රථම නිම කිරිමට අවශ්‍ය සියළුම කටයුතු මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ අධික්ෂණය මත සිදු කෙරෙමින් පවතී.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya