අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පැරා ලෝක ශූරතා මලල ක්‍රීඩා තරඟාවලියේදී දිනෙෂ් ප්‍රියන්තට රිදී පදක්කමක්

    ජූලි 16, 2017

    ලන්ඩන් නුවර දී  ආරම්භ වූ ලෝක පැරා මලල ක්‍රීඩා තරඟාවලියේදී ශ්‍රීලංකාවේ පැරා හෙල්ල විසිකිරීමේ ශූරයා වන දිනේෂ් ප්‍රියන්ත හේරත් ටී46 කාණ්ඩයේ රිදී පදක්කම ජය ගත්තේය.

    ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩාංගනයේ ආරම්භ වූ තරඟයේදී දිනේෂ් ප්‍රියන්ත මීටර් 57.93ක දුරක් හෙල්ල විසි කරමින් රිදී පදක්කමට හිමි කම් කී අතර තරඟයේ රන් පදක්කම ඉන්දියාවේ ගුර්ජාර් සුන්ඩර් සිං ටත් (මීටර්60.36),ලෝකඩ පදක්කම ජපානයේ යමසාකි අකිහිරෝ (මීටර්53.55)ත් හිමි විය.

    පසු ගිය 2016 වසරේ බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ නගරයේදී පැවැති  2016 පැරාලිම්පික් තරඟාවලියේදීද දිනේෂ් ප්‍රියන්ත ටී46 කාණ්ඩයේ හෙල්ල විසිකිරීමේ රිදී පදක්කම ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකාවට පළමු පැරාලිම්පික් පදක්කම අත්කර දුන්නේය..

    දිනේෂ් ශ්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුවේ හිටපු සෙබළෙකු වන අතර ක්‍රියාන්විතයකදී ඔහුගේ පාදයකට වෙඩි වැදීමෙන් ලත් තුවාල හේතුවෙන්  ඔහු ටී46 කාණ්ඩයේ( දණ හිසෙන් පහල පාදය අප්‍රාණික හෝ අහිමි ) වර්ගීකරණය යටතේ මලල ක්‍රීඩා තරඟවලට එක්විය.

     දිනේෂ් ගේ පුහුණුකරු ලෙස ජාතික හෙල්ල විසිකිරීමේ පුහුණුකරු වන ප්‍රදීප් නිශාන්ත මහතා කටයුතු කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya