අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෘෂිකර්ම ඇමැති ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ සමුළුව අමතයි

    ජූලි 08, 2017
    කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා රෝමයේ 40 වන ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO)සමුළුවට සහභාගී විය.  එහිදී  "දේශගුණික වෙනස, කෘෂිකර්මාන්තය හා ආහාර සුරක්ෂිතතාවය" මැයෙන් දේශනයක් සිදු කළේය.  
     
    ශ‍්‍රී ලංකාවේ දිගුකාලීන නියඟය හා මෑතක ඇති වූ ගංවතුර තත්ත්වය එතුමාගේ දේශනයේ දී අවධානයට ලක් කරමින් දේශගුණික වෙනස්කම්වල ප‍්‍රතිඵලයක් ලෙස කන්න දෙකක් පුරා අඛණ්ඩව හටගත් නියඟය හා රටේ පළාත් කිහිපයකට එල්ල වූ දරුණු ගංවතුර මඟින් දැඩි අස්වැන්න හානි, මරණ හා පවුල් අවතැන්වීම් සහ ආහාර සුරක්ෂිතතාවය ට හානීවීම් ශ‍්‍රී ලංකාවට බලපා ඇති බව ප‍්‍රකාශ කෙරිණි. 
     
    හානියට ලක් වූ ගොවින්ට බීජ හා පැළ වර්ග ලබා දෙමින් පහසුකම් සැපයීම ශ‍්‍රී ලංකාවට ලබා දුන් නියං සහනාධාර වෙනුවන් ශ‍්‍රී ලංකා රජය නියෝජනය කරමින් ජනාධිපතිතුමා හා ශ‍්‍රී ලාංකීය ජනයා වෙනුවෙන් ආහාර හා කෘෂිකර්ම සංවිධානයට ස්තූතිය පුද කළේ ය.      
     
    G 15 හි වත්මන් සභාපතිවරයා ලෙස ශ‍්‍රී ලංකාව ප‍්‍රධාන සැසියේ දී අමාත්‍යවරයා G 15 ඒකාබද්ධ ප‍්‍රකාශය ඉදිරිපත් කෙරිණි. G 15 යනු ඵලදායී දකුණු සහයෝගීතාවය ප‍්‍රවර්ධනය කිරීම හා අඛණ්ඩත්වය තහවුරු කිරීම සහ ආර්ථික ප‍්‍රගමනය, ස්ථාවරබව හා තිරසාර සංවර්ධනය අත් කර ගැනීමේ අදහසින්, අන්‍යොන්‍ය පොදු කරුණු පිළිබඳව ප‍්‍රතිපත්ති සංගතිය සඳහා පිහිටුවාගත් ආසියාව, අප‍්‍රිකාව හා ලතින් ඇමෙරිකාව නියෝජනය කරමින් සංවර්ධනය රටවල් සමූහයේ එකතුවකි.  
     
    තිරසාර සංවර්ධනය සඳහා වූ 2030 න්‍යාය පත‍්‍රය සැළකිල්ල ගත් කළ ආහාර හා කෘෂිකර්ම සංවිධාන සමුළුවේ 40 වන සැසිය කාලීන හා වැදගත්කමකින් හෙබි එකක් ලෙස සළකන බව එතුමා ප‍්‍රකාශ කළේ ය. තවද, 2030 න්‍යාය පත‍්‍රය  "ජනතාව, ලෝකය සහ සෞභාග්‍යය" සඳහා වූ ක‍්‍රියාකාරී සැළැස්මක් ලෙස G 15 දකින බවත් තිරසාර සංවර්ධනයේ සමාජ ආර්ථික හා පරිසර යන ප‍්‍රධාන සාධක තුන මත සැකසූ එකක් බව පැවසී ය. 
     
    කෘෂිකර්මය කෙරෙහි දේශගුණික වෙනස්කම්වල අයහපත් බලපෑම් සහ කෘෂිකර්මාන්තය මඟින් විශේෂයෙන් කුඩා පරිමාණ ගොවීන් වැනි ජීවන මාර්ග සළසා ගන්නා ජනයා නිසා  ලෝක ජනයාගේ ඉතා සංවේදී අංගවලට සහායවීම සඳහා පර්යේෂණ ව්‍යාප්ත කිරීමටත්, ආයතන බලාත්මක කිරීමේ සහ සංවර්ධනයේ හා තාක්ෂණ මාරුව සඳහා ඔවුන් දිශානත කිරීමේ අවශ්‍යතාවයක් පැන නැඟී ඇත.    
     
    කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් දේශගුණික ඔරොත්තු දෙන කෘෂිකර්මාන්තයක් සැකසීම, සුළු වැව් පුනරුත්ථාපනය සහ ගෘහස්ථ මට්ටමේ ආහාර හා පෝෂණ සුරක්ෂිතබව අත්පත් කර ගැනීම සඳහා කාන්තා සවිබල ගන්වන කාන්තා ගොවි සංවිධාන 25,000 ක් පිහිටුවීමට අමාත්‍යාංශය ගත් පියවර වැනි යෝජිත ඉදිරි ක‍්‍රියාමාර්ග පිළිබඳව විශේෂ සාකච්ජාවකට ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා හමුවීමටත් බලාපොරොත්තු වේ. 
     
    කලාපයේ කෘෂිකර්මය හා ආහාර සුරක්ෂිතතාවය ප‍්‍රවර්ධනයට අදාළව පාකිස්තානයේ ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා දැනටමත් පැවැත්වෙමින් ඇත. 
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya