අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වයඹ පළාත් ක්‍රීඩා සංකීර්ණයේ සංවර්ධන කටයුතු හෙට ඇරඹේ

    මැයි 16, 2017
    ග්‍රාමීය දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ සඳහා දොරගුළු විවර කරමින් පළාත් මට්ටමින් ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම යටතේ ඉදි කිරීමට යෝජිත වයඹ පළාත් ක්‍රීඩා සංකීර්ණයේ සංවර්ධන කටයුතු හෙට (17) ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් බිංගිරිය මහජන ක්‍රීඩාංගණයේ දී සිදු කෙරේ.
     
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මඟපෙන්වීමෙන් ඉදිවන මෙම ක්‍රීඩා සංකීර්ණයේ පළමු අදියර යටතේ රුපියල් මිලියන 175 ක වියදමින් ගෘහස්ථ ක්‍රීඩාගාරය, රුපියල් මිලියන 85 ක වියදමින් පිහිනුම් තටාකය, රුපියල් මිලියන 65 ක වියදමින් ප්‍රේක්ෂකාරය ඉදිකිරීම සිදු කෙරේ.
     
    මෙම අවස්ථාවට සමඟාමී ව ක්‍රීඩා අමාත්‍යාංශය හා අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන ජාතික ක්‍රීඩා සංවර්ධන වැඩසටහන (අධිෂ්ඨාන) යටතේ ක්‍රීඩා කුසලතාවයන් හඳුනාගැනීමේ ව්‍යාපෘතිය යටතේ දිවයිනේ සෑම අධ්‍යාපන කොට්ඨාශයක ම ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථාන ආරම්භ කිරීම සනිටුහන් කරමින් පාසල් සඳහා ක්‍රීඩා උපකරණ ප්‍රදානය කිරීම ද සිදු කෙරේ.
     
    පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර ජයමහ, වයඹ පළාත් ක්‍රීඩා අමාත්‍ය සන්ධ්‍ය කුමාර රාජපක්ෂ, වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක, වයඹ පළාත් ආණ්ඩුකාරවර අමරා පියසීලි රත්නායක ඇතුළු වයඹ පළාතේ මැති ඇමතිතුමන්ලාගේ සහ ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ එච්.එම්.එම්. හාරිස් යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගිවීමට නියමිතය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya