අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිංගප්පූරු ජනපතිතුමන් සාගර සහ නන්දිමිත්‍ර නෞකාවන් පිරික්සයි

    මැයි 16, 2017
    සිංගප්පූරුවේදී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර මුහුදු ආරක්ෂක ප්‍රදර්ශනයට සහභාගීවීම සඳහා පිටත්ව එරට චාන්ගි වරායේ නවතා තිබෙන ශ්‍රී ලංකා නාවික නෞකා සාගර සහ නන්දිමිත්‍ර යන නෞකාවන් ඊයේ (15) සිංගප්පූරු ජනාධිපති, ටෝනි ටෑන් මැතිතුමන්ගේ පිරික්සීමට ලක් විය.
     
    සිංගප්පූරු නාවික හමුදාවට වසර 50ක් පිරීම නිමිත්තෙන් පැවති නිල උත්සවයේ එරට යුද නෞකාවන් නිරීක්ෂණය කිරීමේ උත්සව අවස්ථාවේදී මෙම නෞකාවන් පිරික්සීම සිදු විය. එහිදී නෞකාවන්ගේ අණදෙන නිලධාරීන් සහ නැව් මුළුව විසින් එරට ජනාධිපතිතුමන් හට සිය ආචාරය පුද කරන ලදී.
     
    සිංගප්පූරුවේදී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර මුහුදු ආරක්ෂක ප්‍රදර්ශනයට සහභාගීවීම සඳහා පසුගිය 5දා කොළඹ වරායෙන් පිටත් වූ ශ්‍රී ලංකා නාවික නෞකා සාගර සහ නන්දිමිත්‍ර යන නෞකාවන් පසුගිය  (12)දා සිංග්පූරුවේ චාන්ගි වරායට සේන්දු විය. මෙම නෞකාවන් ලබන 18දා දක්වා සිංගප්පූරුවේ රැදී සිටීමට නියමිතය. එම කාල සීමාව තුළ යුද නැව් සංදර්ශනය, අන්තර්ජාතික සාගරික ආරක්ෂක සම්මන්ත්‍රණය, ජාත්‍යන්තර මුහුදු ඉංජිනේරු සමුළුව සහ නාවික හමුදා ජාල වැඩසටහන යන ක්‍රියාකාරකම් සඳහා සහභාගී වීමට ද නියමිතව ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya