අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Colombo Supercross -2017 ධාවන තරගාවලිය වැලිසරදී

    මැයි 08, 2017

    ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රථමවරට ශ්‍රී ලංකා මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයින්ගේ සංගමය එක්ව  සංවිධානය කරනු ලබන Colombo Supercross – 2017 තරගාවලිය ඊයේ (7) වැලිසර පිහිටි නාවික හමුදා මෝටර් රථ ධාවන පථයේදී සාර්ථක අයුරින් පැවැත්විණි.

    නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ආරාධනය පරිදි ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්, ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී විය. ‍නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විසින් තරග ආරම්භ කිරීම සඳහා ප්‍රථමයෙන් ධාවන පථය විවෘත කිරීම සිදු කරන ලදි. 

     

    දිවයිනේ ප්‍රමුඛ පෙළේ යතුරුපැදි ධාවකයින් සහ මෝටර් රථ ධාවකයින් මෙම තරගාවලිය සඳහා සහභාගි විය. ඒ අනුව යතුරුපැදි කරුවන් 125 ක් සහ මෝටර් රථ ධාවකයින් 85 දෙනෙකු මෙම තරගාවලිය සඳහා සහභාගි වූ අතර විශාල ප්‍රේක්ෂක සංඛ්‍යාවක් මෙම තරගාවලිය නැරඹීමට එක්ව සිටියහ. තරගාලියේදී යතුරුපැදි අංශයේ තරග 10 ක් මෙන්ම මෝටර් රථ අංශයේ තරග 12ක් සමගින් සමස්ත තරග ඉසව් 22 ක් පවත්වන ලදි. මෙහිදී දිවයිනේ සිටින දක්ෂ මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයින්ගේ සුවිශේෂි හැකියාවන් හා දක්ෂතා දැක බලා ගැනීමට ප්‍රේක්ෂකයන්ට අවස්ථාව හිමි විය.


    මෙහිදී ඉසව් කීපයක ජයග්‍රහණ අත්කර ගැනීමට නාවික හමුදා ක්‍රීඩකයින් සමත් විය. ඒ අනුව, පහත සඳහන් ජයග්‍රහණ නාවික හමුදාව විසින් දිනා ගන්නා ලදි.

    DGI

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya