අවසන් පූර්ව වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායම නේපාල කණ්ඩායම සමඟ තරඟ වැදුනු අතර 11 ට 0 ලෙස එම තරඟය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය අකලංක රණසිංහ විසින් හොබවන ලදි. දැනට ආසියානු බේස්බෝල් ශ්‍රේණිගත කිරීම් අනුව අංක 01 ස්ථානයේ පාකිස්ථානයද, අංක 02 ස්ථානයේ ශ්‍රී ලංකාව ද පසුවෙයි.