අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර රාජ්‍ය සේවා ක්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාවය බෝගම්බර බන්ධනාගාරයට

    දෙසැම්බර් 14, 2016
    මහනුවර දිස්ත්‍රික් රාජ්‍ය සේවා ක්‍රීඩා උළෙලේ  සමස්ත ශූරතාවය  දිනාගැනීමට බෝගම්බර (දුම්බර) බන්ධනාගාර කණ්ඩායම සමත්විය. 
    අනුශුරතාවය පේරාදෙණිය රෝහල් කණ්ඩායම විසින් දිනාගැනීමට සමත් වු අතර ක්‍රීඩා උළෙලට සහභාගි වු  ප්‍රාදේශීය ලේකම් කාර්යාල අතරින් ප්‍රථම ස්ථානය   පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය කණ්ඩායම විසින් දිනාගැනීමට සමත් විය.
     
    මහනුවර දිස්ත්‍රික් ලේකම්  කාර්යාලය විසින් සිව්වෙනි වරටත්  සංවිධානය කළ මෙම ක්‍රීඩා උළෙල සදහා රජයේ රෝහල්,  තැපැල්, බන්ධනාගාර, පළාත් අමාත්‍යාංශ, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, පළාත් පාලන ආයතන,  දුම්රිය දෙපාර්තමේන්තුව,  පාසල්  ඇතුළු ආයතන  39ක්  සදහා සහභාගි විය.  
     
    තරගයේ සමාප්ති උත්සවය පසුගියදා බෝගම්බර ක්‍රීඩාංගනයේ  පැවති අතර කුසලාන හා සහතික පත් ප්‍රදානය  මහනුවර  දිස්ත්‍රික් ලේකම්  එච්.එම්.පී.හිටිසේකර මහතාගේ හා බෝගම්බර බන්ධනාගාර අධිකාරිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.
     
    AP/DMU-Kandy
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya