අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික මහා ක්‍රීඩා උළෙල ජාතීන් අතර සමගිය, සහජීවනය ඇතිකරන තෝතැන්නක් වුනා - ක්‍රීඩා අමාත්‍ය

    නොවැම්බර් 29, 2016
    යාපනය දොරෙඅප්පා ක්‍රීඩාංගණයේ පැවති 42 වන ජාතික මහා ක්‍රීඩා උළෙල පළාත් 09 ම එකතු වී සමගියෙන් හා සහජීවනයෙන් ක්‍රීඩා කළ අතර, උතුර දකුණ යා කරමින් රටතුල සමගිය හා සහජීවනය ඇති කරන ලොකු තෝතැන්නක් වුනා යැයි ක්‍රීඩා අමාත්‍ය  දයාසිරි ජයසේකර මහතා පැවසීය.
    අමාත්‍යවරයා  මේ බව පැවසූවේ  බස්නාහිර පළාත වෙනුවෙන් වාද්දූව බ්ලූ වෝටර් හෝටලයේ පැවති දෙවන පළාත් ක්‍රීඩා අමාත්‍ය සමුළුව අමතමිණි.
     
    එහිදී තවදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා , මූලිකව නිවැරදි ලෙස ග්‍රාම සේවා කොට්ඨාස මට්ටමින් ක්‍රීඩා සමාජ ගොඩ නැගිය යුතුයි. අපි ඒ ක්‍රීඩා සමාජ ගොඩ නැගීමෙන් බලාපොරොත්තු වෙන්නේ විශාල පිරිසක් ප්‍රාදේශීය ක්‍රීඩා උළෙල සදහා සහභාගී කරවා ගැනීමයි. 2017 ජනවාරි මාසයේ අවසන් වීමට පෙර ලංකාවම ආවරණය වෙන පරිදි ක්‍රීඩා සමාජ ගොඩ නගා අවශ්‍ය පහසුකම් සපයන්න. මම යෝජනා කරනවා පළාත් ක්‍රීඩා අමාත්‍යවරු එකතුවෙලා මේකට නායකත්වය දෙන්න, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉන්න  ක්‍රීඩා නිලධාරී මහතාගේ අධීක්ෂණය යටතේ ගමේ සිටින රජයේ නිලධාරීන් පස් හය දෙනා එකතු වෙලා මේ වැඩේ කලොත්  සාර්ථකව අපිට මේක ජනවාරි අග වෙද්දි නිම කරන්න පුළුවන්.
     
    ඉදිරි වසරේ ක්‍රියාත්මක කිරීමට නියමිත වඩාත් ඵලදායී ව්‍යාපෘති සදහා මේ රජයෙන් මුදල් වෙන් වෙලා තිබෙනවා. ලංකාවේ පළමු වතාවට අංග සම්පූර්ණ ක්‍රීඩා ඇකඩමියක් හා ආසියාවේ දෙවෙනි අඩු ඌනතාංශ ක්‍රීඩාංගණය ලබන වසරේ ඉදිවෙනවා. සෑම පළාතකටම කෘතිම ධාවන පථයක්, අංගසම්පූර්ණ ක්‍රීඩා සංකීර්ණයක්  සමග ව්‍යාපෘති ගණනාවක් ක්‍රීඩාව නගා සිටුවන්න ක්‍රියාත්මක කලා. ඉදිරි වසර 8 ක් සදහා සකස් කල ‘‘ජාතික ක්‍රීඩා සංවර්ධන වැඩසටහන“ එයින් එකක්.
    ක්‍රීඩකයන් සදහා හොද රක්ෂණාවරණයක් ලබා දෙන්නත් ලබන වසරේ සිට අපි ක්‍රියා කරනවා. 
     
    මෙම සමුළුවේදී මීලග වසරේ පළාත් ක්‍රීඩා සමුළුවේ සභාපතීත්වය සබරගමු පළාත් ක්‍රීඩා අමාත්‍ය අතුල කුමාර රාහුබද්ධ මහතා විසින් බස්නාහිර පළාත් ක්‍රීඩා අමාත්‍ය රංජිත් සෝමංශ මහතා හට පිරිනැමීය.
     
    AP
     
     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya