අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුවේට්හි රැඳී සිටි 119 දෙනෙකු නැවත දිවයිනට

    නොවැම්බර් 23, 2016
    කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් විවිධ කරදරවලට ලක්වූ හා නියමිත රැකියා වීසා කාලය ඉක්මවමින් සේවය කළ කාන්තාවන් 119 දෙනෙකු විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියගේ උපදෙස් පරිදි අද (22) දිවයිනට පැමිණියහ. 
     
    මෙම පිරිස කුවේට්හි ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ සුරක්‍ෂා නිවාසයේ රැඳී සිටි පිරිසකි. විදේශ රැකියා අමාත්‍යවරිය පසුගියදා කුවේට් රාජ්‍යයේ කළ සංචාරය අතරතුර එරට තානාපති කාර්යාල නිලධාරීන්ට දුන් උපදෙස් මත මොවුන් දිවයිනට ගෙන්වාගෙන ඇත. 
     
    මෙසේ පැමිණි 119 දෙනාම කාන්තාවන් වන අතර ඔවුන් දිවයිනේ විවිධ ප‍්‍රදේශවල පදිංචිකරුවන් වේ. එම කාන්තාවන්ගෙන් 9 දෙනෙකුට කාර්යාංශයේ සහන පියස මධ්‍යස්ථානය මඟින් ගමන් වියදම් ලබාදී නිවෙස්වලට පිටත් කර තිබේ. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya