අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ක්‍රීඩා කෞශ්‍යලයන් සදහා ප්‍ර‍වේශය සහතික කිරීමේ ව්‍යාපෘතිය ඇරඹේ

    නොවැම්බර් 25, 2016
    ශ්‍රී ලංකා ධජය යටතේ හැදෙන දරුවන් තව වසර 8 කින් ඔලිම්පික් පදක්කමක් ගේන වැඩසටහන තමයි මේ ආරම්භ කළේ යැයි ක්‍රීඩා අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතා පැවසීය.
    අමාත්‍යවරයා එසේ පැවසුවේ පසුගියදා අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවති ජාතික ක්‍රීඩා සංවර්ධන වැඩසටහන ආරම්භ කිරීමේ උත්සව අවස්ථාව අමතමිනි.
     
    එහිදී ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ ලංකාවේ පළමු වතාවට පටන් ගන්න මෙම ජාතික ක්‍රීඩා සංවර්ධන වැඩසටහන ‘‘අධිෂ්ඨාන“ නමින් අද එළි දක්වනවා.  ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතියේ 7 ශ්‍රේණියේ සියළු සිසු දරුවන් 375,000 ක් පමණ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයකට හා මානව දේහ ලක්ෂණ පරීක්ෂණයකට ලක් කරලා එයින් තෝරා ගනු ලබන 75,000 ක සිසු දරුවන් ලංකාවේ අධ්‍යාපන කොට්ඨාශ 312 ක දී පිහිටුවනු ලබන පුහුණු මධ්‍යස්ථාන සදහා යොමුකරනවා.
     
    පසුව වසරක ශාරීරික යෝග්‍යතා සංවර්ධන පුහුණු පාඨමාලාවක් ක්‍රියාත්මක කරවනවා. එම පාඨමාලාවෙන් පසු විශේෂ පරීක්ෂණයක් මගින් ක්‍රීඩාවට අවශ්‍ය දරුවන් 1,000 ක් තෝරාගෙන ප්‍රධාන ක්‍රීඩා 10 ක් සදහා විශේෂිත වූ පරීක්ෂණයකට යොමු කර එයින් සමත් වන දරුවන් විද්‍යානුකූල පසුබිමක් යටතේ දීර්ඝ කාලීන ක්‍රමවත් පුහුණුවක් ලබා දෙනවා. සැළැස්මකට අනුව ඒ ඒ ක්‍රීඩාවලට ගැලපෙන අංග සම්පූර්ණ ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථාන  පළාත් 09 තුල ඇති කරලා ජාත්‍යන්තර ජයග්‍රහණ ලබා ගත හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහි කිරීම අපගේ අරමුණ වෙනවා.
     
    මම විශ්වාස කරනවා අද අපේ රටේ හොද පෝෂණයක් හා නිසි පුහුණුවක් ඇතුව හැදුවොත් අඩි 6 ක් උස ක්‍රීඩාවට උචිත දරුවෙක් බිහිකරගන් අපහසු වෙන්නේ නෑ. ආදරණීය විදුහල්පතිතුමන්ලා, ක්‍රීඩා උපදේශක ගුරු මහත්ම මහත්මීන් මේ පිළිබදව උනන්දු වෙන්න. ඒ පිළිබදව වගකීම මම මේ වෙලාවේ ඔවුන්ට භාරදෙනවා.
     
    මම බලාපොරොත්තු වෙනවා අග්‍රාමාත්‍යතුමාගේ මගපෙන්වීම හා ආශිර්වාදය ඇතුව අනාගතයේදී ගැසට් නිවේදනයක් මගින් ලංකාවේ ඉන්න සියළුම පුහුණු කරුවන් එක ආයතනයකට ගේන්න. ඒ වගේම ක්‍රීඩා විනිසුරුවන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ද ආයතනයක් සදහා යොමු කර ශ්‍රේණි අනුව  වර්ග කරන්න අවශ්‍ය කටයුතු කරනවා.
     
    ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු වර්තමාන රජය විසින් මෙම ජාතික වැඩසටහන සදහා මෙම වසරේ මිලියන 1,000 ක මුදලකුත් මේ අය වැයෙන් ලබන වසර සදහා රුපියල් මිලියන 1,750 ක මුදලකුත් ලබා දීලා තිබෙනවා. අපි ඉදිරියේදී නොසිටියත් මෙම ජාතික වැඩසටහන වසර 8 ක් සදහා නොකඩවා ක්‍රියාත්මක වීමට අවශ්‍ය කටයුතු සළසා ඇති බවද පැවසීය.
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya