ඔක්තෝබර් 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “අධිෂ්ඨාන” පිළිබඳ ගුරුවරුන් දැනුවත් කිරීම අද

    නොවැම්බර් 10, 2016
    ජාතික ක්‍රීඩා සංවර්ධන වැඩසටහන  "අධිෂ්ඨාන" - ක්‍රීඩා කෞශල්‍යයන් සඳහා ප්‍රවේශය සහතික කිරීමේ ව්‍යාපෘතියකි.
    පාසල් දරුවන්ගේ ක්‍රීඩා කුසලතා හඳුනාගැනීමේ “අධිෂ්ඨාන” ව්‍යාපෘතිය යටතේ, දරුවන් තෝරා ගැනීම පිළිබඳව කලාප මට්ටමින් ගුරු මහත්ම මහත්මීන් දැනුවත් කිරීමේ වැඩසටහන අධ්‍යාපන අමාත්‍ය, අකිල විරාජ් කාරියවසම්  හා ක්‍රීඩා අමාත්‍ය, නීතීඥ දයාසිරි ජයසේකර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද පෙ.ව. 9.00ට  ක්‍රීඩා අමාත්‍යාංශ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
     
    ක්‍රීඩා අනාගතයට උරුම කියන යෞවුන් පරම්පරාවට ක්‍රීඩා ලෝකය ජය ගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයත්, අධ්‍යාපන අමාත්‍යාංශයත්, පළාත් සභාත් එක්ව දිවයින පුරා  මෙම  ජාතික ක්‍රීඩා සංවර්ධන වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරේ.
     
    බස්නාහිර පළාත් ක්‍රීඩා අමාත්‍ය, රංජිත් සෝමවංශ , අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය, වී. රාධාක්‍රිෂ්ණන් සහ  නියෝජ්‍ය අමාත්‍ය, එච්.එම්.එම්.හරිස් යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් මෙම වැඩ සටහන පැවැත්වේ.
     
    මීට සමගාමීව බස්නාහිර පළාතේ කොළඹ, ශ්‍රී ජයවර්ධනපුර සහ කැළණිය යන අධ්‍යාපන කලාපවල ගුරුවරුන් 300කගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ප්‍රායෝගින පුහුණු සැසිය ටොරිංටන්හි කෘත්‍රීම හොකී ක්‍රීඩාංගනයේදී ද ජාතික ක්‍රීඩා සංවර්ධන වැඩසටහන පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් ක්‍රීඩා අමාත්‍යාංශ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට නියමිතය.
     
    AP
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya