මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තහනම් උත්තේජක නිවාරණ සතිය නිමිත්තෙන් වැඩ සටහන් රැසක්

    නොවැම්බර් 07, 2016
    ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනය 2016 තහනම් උත්තේජක නිවාරණ සතිය නිමිති කරගෙන වැඩසටහන් රැසක් සංවිධානය කර ඇත.
    මේ යටතේ දකුණු ආසියානු කලාපීය උත්තේජක පාලන සංවිධානයේ (SARADO) වාර්ෂික අධ්‍යක්ෂ මණ්ඩල සැසිවාරය නොවැම්බර් 06 සහ 07 දිනවල කොළඹ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.මෙම  සැසිවාරයට බංගලාදේශය, භූතානය, මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව යන රටවල නිත්‍ය සාමාජික නියෝජිතයින් මෙන්ම ලෝක උත්තේජක මර්දන නියෝජ්‍යායතනයේ අධීක්ෂණ නිලධාරීන් ද සහභාගී වීමට නියමිතය.
     
    දීප ව්‍යාප්ත මට්ටමින් තෝරාගත් වෛද්‍ය වෘත්තිකයින් 20 දෙනෙකුට උත්තේජක පරීක්ෂණ පාලන නිලධාරීන් (Doping Control Officers) ලෙස පුහුණු කිරීමේ වැඩසටහන නොවැම්බර් 16, 17 සහ 18 දිනවල කොළඹ දී පැවැත්වීමත් ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනයට අනුබද්ධ විනය පරීක්ෂණ මණ්ඩලය සහ අභියාචනා මණ්ඩල සේවය කරන සාමාජික මහත්ම මහත්මීන් සඳහා වන විශේෂ දෙදින වැඩමුළුව 2016 නොවැම්බර් 19 සහ 20 දිනවල කොළඹදී ත්  පැවැත්වීමට  කටයුතු යොදා ඇත.
     
    මහා බ්‍රිතානයේ සිට පැමිණෙන එරට තහනම් උත්තේජක නිවාරණ ආයතනයේ විශේෂඥයින් කණ්ඩායමක් විසින් ඉහත කී සෙසු පුහුණු වැඩමුළු දෙක පවත්වනු ඇත.
     
    මෙම සියළුම වැඩසටහන් සමාරම්භක අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසින් ක්‍රීඩා අමාත්‍ය නිතීඥ දයාසිරි ජයසේකර මහතා සහභාගී වීමට නියමිතයි.
     
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya