42 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ, ස්ටෑඩට් පාපැදි තරගාවලියේ ජයග්‍රාහක, ජයග්‍රාහිකාවන්ට නවීනතම රේසිං පාපැදි ප්‍රදානය කිරීම ක්‍රීඩා අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතාගේ පුධානත්වයෙන් ක්‍රීඩා අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිදු කෙරිණි . දයාසිරි ජයසේකර මහතාගේ සංකල්පයකට අනුව මෙම වසරේ සිට ජාතික මහා ක්‍රීඩා උළෙලේ ස්ටෑඩට් පාපැදි තරගාවලියේ ජයග්‍රහණය ලබන ක්‍රීඩකයින් තිදෙනාට සහ ක්‍රීඩිකාවන් තිදෙනාට නවීනතම රේසිං පාපැදි ලබා දීමට ගත් තීරණය අනුව මෙම පාපැදි බෙදා දීම සිදු කෙරිණි. AP