අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රොදර්හැම් සර්කිට් මීට් - 2016 කටුකරුන්දේදී

    ඔක්තෝබර් 25, 2016

    ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව හා මෝටර් රථ ධාවකයින්ගේ සංගමය එක්ව සංවිධානය කරනු ලැබු රොදර්හැම් සර්කිට් මිට් - 2016 මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගාවලිය ගුවන් හමුදා කටුකුරුන්ද ධාවන පථයේදී පසුගිය දා පැවත්විණ.

    මෙම තරගාවලිය ප‍්‍රවේගකාරි මෝටර් රථ තරග හා යතුරු පැදි ධාවන ඉසව් 17 ක් සහිතව වේග සීමාවන් රහිත උද්වේගකාරී තරග අවස්ථාවන්ගෙන් සමන්විත විය.

     

    මෙම තරගාවලියේ දක්‍ෂතම මෝටර් රථ ධාවකයාට හිමි කුසලානය ඩැරින් වීරසිංහ විසින් හිමිකරගත් අතර දක්‍ෂතම කණ්ඩායමට හිමි කුසලානය සියැට් ශ‍්‍රී ලංකා කණ්ඩායම විසින් හිමිකර ගන්නා ලදී.

     

    මෙම අවස්ථාව සඳහා ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා සහභාගී වූ අතර ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් මෙන්ම සෙසු නිලයන් හා ක්‍රීඩා ලෝලින් රැසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya