ලෝකයේ වැඩිම කලක් සිහසුන දැරූ පාලකයා වන තායිලන්තයේ භුමිබෝල් අදුල්යාඩෙඡ් (Bhumibol Adulyadej) රජු ඊයේ (13) මියගොස් තිබේ. ඔහු මිය යන විට අසූ අට (88) වන වියේ පසු වුණි. ඔහු වසර 70ක් එරට රජකම් කර ඇති බව වාර්තා වේ. 1946 වසරේ සිට තායිලන්තයේ රජ පදවිය ලබන භුමිබෝල් රජු වසර 70ක කාලයක් එම පදවිය දරණ අතර ලෝකයේ වැඩිම කාලයක් එම පදවිය දරමින් ජීවත්ව සිටින පුද්ගලයා ද ඔහු වෙයි.