මාර්තු 20, 2019

tami eng youtube google twitter facebook

    ගම්පහ දිස්ත්‍රික්කයට ක්‍රීඩා සංකීර්ණයක්

    සැප්තැම්බර් 24, 2016
    ගම්පහ දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණය සඳහා මුල්ගල තැබීම හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ සුරතින් සැප්තැම්බර් මස 2‍6 දින පෙ.ව. 10.30 ට වතුපිටිවල මහජන ක්‍රීඩාංගන පරිශ්‍රයේදී සිදු කෙරේ.
    ගම්බද සිටින දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ සඳහා දොරගුළු විවර කරමින් දිස්ත්‍රික් මට්ටමින් ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම යටතේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ
    සහ  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මඟපෙන්වීමෙන් මෙම ව්‍යාපෘතිය ආරම්භ කෙරිණි.
     
    බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප්‍රිය මහතා  , නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය, බස්නාහිර පළාත් ක්‍රීඩා අමාත්‍ය රංජිත් සෝමවංශ මහතා ඇතුළු ගම්පහ දිස්ත්‍රික්කයේ මැති ඇමතිවරුන් මෙම අවස්ථාවට සහභාගි වීමට නියමිතය.
     
    AP
     

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu