අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ ප්‍රගතිය තුර්කි විදේශ ඇමැතිවරයාගේ පැසසුමට

    මැයි 30, 2014

    නොබැඳි ව්‍යාපාරයේ 17 වැනි අමාත්‍ය රැස්වීම අතරතුර දී විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා තුර්කි විදේශ කටයුතු අමාත්‍ය අහ්මට් දවුටොග්ලූ (Mr. Ahmet Davutoglu) මහතා සමඟ ද්විපාර්ශවික සාකච්ඡාවක් පසුගිය බදාදා ඇල්ජියර්ස්හි දී පැවැත්වී ය.

     

    සුනාමි ව්‍යසනයෙන් ප්‍රකෘති තත්ත්වයට පත් වීමේ දී හා ත්‍රස්තවාදය මුලිනුපුටාදැමීමෙන් අනතුරු ව ශ්‍රී ලංකාව ලබාගත් සිත් ඇදගන්නා සුලු ප්‍රගතියේ දී පෙන්නුම් කළ නම්‍යශීලිත්වය සම්බන්ධයෙන් තුර්කි විදේශ අමාත්‍යරයා තම ගෞරවය පළ කළේ ය. කොළඹ හා ඉස්තාන්බූල් අතර ඍජු ගුවන් ගමන් ක්‍රියාකාරිත්වයක් ස්ථාපිත කර තිබීමත් සමඟ දෙ රට අතර තවදුරටත් වෙළෙඳාම හා සංචාරක ව්‍යාපාරයේ වර්ධනයක් සිදුවන බවට තුර්කි විදේශ ඇමැතිවරයා සහතික විය. ශ්‍රී ලංකාව මඟින් ඉදිරිපත් කරන පුහුණු වැඩසටහන් සඳහා තරුණ තුර්කි රාජ්‍ය තාන්ත්‍රිකයන් ඉදිරිපත් කිරීමට තමන් උනන්දුව දක්වන බව ඔහු පැවැසී ය.
     

    තම දෙ රට මුහුණ දෙන සමාන අභියෝග පිළිබඳ අවධානය යොමු කළ ඇමැතිවරු වඩාත් සමීප දේශපාලනික සහයෝගීතාවක අවශ්‍යතාව පිළිබඳ ව එකඟතාව පළ කළ හ. ශ්‍රී ලංකාවේ වාණිජ ඇමැතිවරයා ගේ හා තුර්කියේ මුදල් ඇමැතිවරයා‍ ගේ සභාපතිත්වයෙන් යුත් ඒකාබද්ධ කොමිෂන් සභාව ශක්තිමත් කිරීමට ද ඔවුහු එකඟ වූ හ.
     

    තම වර්තමාන විදේශ ප්‍රතිපත්තියේ ප්‍රධාන අංගයක් වන අප්‍රිකාව හා ලතින් ඇමෙරිකාව සමඟ සහයෝගීතාව වර්ධනය කරගැනීමේ දී මුහුණ දුන් පොදු අත්දැකීම් පිළිබඳ ව ද ඔවුහු සාකච්ඡා කළ හ.


    HC/dgitrans

    FOREIGN MINISTER OF TURKEY COMMENDS PROGRESS IN SRI LANKA

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya