අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අප්‍රිකානු සංගමයට එක්වීමේ ශ්‍රී ලංකාවේ උත්සාහයට සෙනගාල් රජයේ සහය

    මැයි 30, 2014

    නොබැඳි ව්‍යාපාරයේ 17 වැනි අමාත්‍ය රැස්වීම අතරතුර දී විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා සෙනගාල් රාජ්‍යයේ විදේශ කටයුතු අමාත්‍ය මන්කෙවුර් න්දියේ (Mr. Mankeur Ndiaye) මහතා සමඟ ද්විපාර්ශවික සාකච්ඡාවක් පසුගිය බදාදා පැවැත්වී ය.

     

    අප්‍රිකානු මහාද්වීපයේ රටවල් සමඟ දේශපාලන හා ආර්ථික සබඳතා තර කරගැනීමේ ශ්‍රී ලංකා වෑයම අගය කළ න්දියේ අමාත්‍යවරයා දෙ රට අතර ඒකාබද්ධ කොමිසම් සභාවක් පිහිටුවීමට යෝජනා කෙළේ ය. දේශපාලන උපදේශනය සඳහා ගිවිසුමක් අත්සන් කිරීමට ද අමාත්‍යවරු එකඟ වූ හ.


    අප්‍රිකානු සංගමය හා එක් වීමේ ශ්‍රී ලංකා උත්සහයට සෙනගාල් විදේශ අමාත්‍යවරයා තම පූර්ණ සහය පළ කෙළේ ය. අප්‍රිකාවේ බටහිර තීරයට වන්නට පිහිටි සෙනගල් රාජ්‍යයට ශ්‍රී ලංකාව සමඟ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සබඳතාවක් ඇති කරගැනීම උපායමාර්ගික වශයෙන් ද ආර්ථික වශයෙන් ද වැදගත් වේ.


    HC/dgitrans

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya