අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ටේබල් ටෙනිස් තරඟාවලියේ දස්කම් දක්වා..

    ජනවාරි 04, 2016
     
    ආසියානු/ ජර්මන් ක‍්‍රීඩා හුවමාරු වැඩ සටහන යටතේ සංවිධානය කරන ලද සමස්ථ ලංකා ශ්‍රේණිගත නොවන ටේබල් ටෙනිස් තරඟාවලිය සහ ශ‍්‍රී ලංකා රාජ්‍ය සේවා ටේබල් ටෙනිස් තරඟාවලිය පසුගියදා යාපනය මධ්‍ය මහා විද්‍යාලීය ගෘහස්ථ කි‍්‍රඩාගාරයේ දී පැවැත්විණි.
    මෙහිදී ටේබල් ටෙනිස් තරඟාවලියේ කාන්තා ශූරතාවය හා රාජ්‍ය සේවා ටේබල් ටෙනිස් තරගාවලියේ වසය අවුරුදු 25-30 කාන්තා කේවල ශූරතාවය නාගරික තක්සේරු දෙපාර්තමේන්තුවේ මාලිකා මධුෂානී පෙරේරාට හිමි විය.
     
    රාජ්‍ය සේවා ටේබල් ටෙනිස් තරඟාවලියේ විවෘත මිශ‍්‍ර යුගල තරඟයේ ශූරතාවය මාලිකා මදුෂානී සහ ක‍්‍රීඩා භූමී හා විනෝදාංශ දෙපාර්තමේන්තුවේ චන්දන පෙරේරා විසින් දිනා ගන්නා ලදි.
     
    ශ්‍රේණිගත නොවන ටේබල් ටෙනිස් තරඟාවලිය වයස අවුරුදු 8න් පහළ බාලක කේවල ශූරතාවය තිඹිරිගස්යාය ප‍්‍රජා මණ්ඩලයේ උෂාර වීරසිංහ දිනාගන්නා ලදි. අවුරුදු 12 න් පහළ බාලක කේවල ශූරතාවය තිඹිරිගස්යාය ප‍්‍රජා මණ්ඩලයේ බෝමීර වීරසිංහ දිනාගන්නා ලද අතර වයස අවුරුදු 21න් පහළ බාලක කේවල අනුශූරතාවය තිඹිරිගස්යාය ප‍්‍රජා මණ්ඩලයේ සී.ඉන්ද්‍රජිත් විසින් දිනාගන්නා ලදි.
     
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya