මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දකුණු පළාත් ක්‍රීඩා වර්ණ ප්‍රදානය

    දෙසැම්බර් 31, 2015
    දකුණට නව ක්‍රීඩා සංස්කෘතියක් මැයෙන් 2015 දකුණු පළාත් ක්‍රීඩා වර්ණ ප්‍රදාණෝත්සවය දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා වැලිගම නගර සභා ශාලාවේ දී පැවැත්විණි.
    මෙහි දී විවිධ ක්‍රීඩා ඉසව් නියෝජනය කරන වර්ණ ලාභීන් උදෙසා වර්ණ ප්‍රදානය කිරීම සිදු කෙරිණි.දකුණු පළාත් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය වීරසුමන වීරසිංහ මහතාගේ උපදේශකත්වය යටතේ දකුණු පළාත් ක්‍රීඩා අමාත්‍යංශය මෙම වර්ණ ප්‍රදාණෝත්සවය සංවිධානය කර ඇත.
     
    මේ අවස්ථාවට දකුණු පළාත් සභා මැති ඇමතිවරුන් ප්‍රමුඛ ප්‍රදේශයේ දේශපාලන නායකත්වය, මාතර දිස්ත්‍රික් ලේකම් ඊ.ඒ.සී. විදානගමාච්චි මහත්මිය ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් සහ වර්ණ ලාභීන් ඇතුළු පිරිසක් සහභාගි වුහ.
     
    AP/DMU-Matara
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya