අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "ජනජය 2016" පාපැදි සවාරියේ පළමු අදියර සාර්ථකව අවසන්

    ජනවාරි 08, 2016

    ජනතා ජයග්‍රහණයේ වර්ෂ පූර්ණය වෙනුවෙන් සංවිධාන කළ "ජනජය 2016" පාපැදි සවාරියේ පළමු අදියර සාර්ථකව අවසන් විය.

     

    පළමු දිනයේ පැවැති තරඟයෙන්පළමු ස්ථානය ශ්‍රී ලංකා නාවික හමුදාව ඉශාන් මදුසංඛදෙවන ස්ථානය ජාතික කන්ඩායමේ බුද්ධික වර්ණකුලසූරියතුන්වන ස්ථානය තුශාන් රාජපක්ෂ යන තරඟකරුවන් හිමිකරගැනීමට සමත්වී තිබේ.

     

    ජනවාරි ජනතා ජයග්‍රහණයේ පළමු වර්ෂ පූර්ණ සැමරුම වෙනුවෙන් සංවිධාන කළ 'ජනජය 2016' පාපැදි සවාරියේ පළමු අදියර අද (8) පැවැත්විණි.

     

    දෙහිඅත්තකණ්ඩිය නගරයේ දී නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ මැතිණියගේ ආරම්භක සංඥාවෙන් ආරම්භ වූ මෙහි පළමු අදියර මාතලේ අළුවිහාරේ දක්වා ගමන් කළේය.

     

    ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය ගරු දයා ගමගේ මැතිතුමාගේ සංකල්පයක් අනුව සංවිධාන කළ මෙම පාපැදි සවාරිය සඳහා ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත පාපැදිකරුවෝ එකසිය පණහක් පමණ සහභාගී වී සිටියහ.

     

    මෙහි දෙවන අදියර හෙට පෙ.ව. 8.00 මාතලේ විජය විද්‍යාලය ඉදිරිපිටින් ආර්ම්භ වී කොළඹ දක්වා ගමන් කිරීමට නියමිත වේ.

     

    ජනජය 2016 පාපැදි තරඟයේ ත්‍යාග ප්‍රධානෝත්සවය ජනාධිපතිතුමාගේ, අග්‍රාමාත්‍යතුමාගේ සහ අමාත්‍ය දයා ගමගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විහාරමහාදේවී උද්‍යානයේ ආනන්ද කුමාරස්වාමි මාවත අන්තයේ දී සිදු කිරීමට නියමිතය.

     

    ජනජය 2016 සඳහා පූර්ණ අනුග්‍රාහකත්වය දක්වනු ලබන්නේ බිම්පුත් ෆයිනෑන්ස්, ඩයලොග් ආසියාටා සහ එල්.ජී. අබාන්ස් සමාගම් විසිනි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya