මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ක්‍රීඩා ක්ෂේත්‍රය නංවාලන්න වැඩ සටහන් රැසක්

    දෙසැම්බර් 04, 2015
    ක්‍රීඩාව කරන හැම දරුවෙකුටම පාසල් වාර විභාගයට, අ.පො.ස සාමාන්‍ය පෙල හා උසස් පෙල විභාගවලට ලකුණු ලබා දෙන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමටත් ඉදිරියේදී ක්‍රීඩකයන් වෙනුවෙන් ලංකාවේ සෑම පුද්ගලික ආයතනයකම රැකියා ලබාදීමේදී  5 % ක් වෙන් කරන්න බලාපොරොත්තු වෙනවායැයි ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.
    ක්‍රීඩා අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලේ පසුගියදා  නුගේගොඩ අනුලා විද්‍යාලයේදී පැවති වර්ණ ප්‍රදානෝත්සවයට එක් වෙමිනි.
     
    අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කලේ මේ වර්ෂ කීපය තුල ක්‍රීඩාව පැත්තෙන් අළුත් යුගයක් ආරම්භ කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ලංකාවේ ක්‍රීඩාවේ මූලික අඩිතාලම පාසලෙන් බිහිවෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්. ඔවුන් තමා අපි ජාත්‍යන්තරය දක්වා ගෙන යන්නේ. පහුගිය කාල වකවානුවේ පාසල් ක්‍රීඩාව හා මළල ක්‍රීඩාව දෙකක් විදියට දුරස් වෙලා තිබුණා. අද අපිට උවමනා වෙලා තියෙනවා අලුත් වෙනසක්. අධ්‍යාපන අමාත්‍යවරයා එක්ක පහුගිය කාලේ සාකච්ඡා කීපයක් කළා. ඒ අනුව අපි හොද අවබෝධයකට ආවා. පාසලෙන් බිහිවෙලා එලියට එන තරුණ දරු දැරියන් ක්‍රීඩාව තුලින් ජාත්‍යන්තරයට ගෙන යන්නේ කොහොමද කියලා එහිදී අපි කතා කළා. අපිට තිබුනු ප්‍රධාන ප්‍රශ්ණයක් තමා පාසලෙන් එළියට එන දක්ෂ ක්‍රීඩා දරු දැරියන්ට කරන්න පුලුවන් දේ ගැන.ආසියානු මට්ටමේ, ඔලිම්පික් මට්ටමේ දක්ෂතා දක්වන්න පුලුවන් විශාල දරු දැරියන් විශාල ප්‍රමාණයක් පාසලෙන් එළියට එනවා. පාසල් ක්‍රීඩා තරග,ජාතික ක්‍රීඩා තරගවලින් එලියට එන දරුවෝ ටික ඇයි අපිට ජාත්‍යන්තරයට ගෙනියන්න බැරි කියන ප්‍රශ්ණය ඇහුවොත් ඒකට ප්‍රධාන හේතුව තමයි අධ්‍යාපන අමාත්‍යාංශය හා ක්‍රීඩා අමාත්‍යාංශය අතර තියෙන දුරස්තභාවය. අපි දැන් ඒ තියෙන දුරස්ථභාවය අයින් කරලා විශාල වැඩ කොටසක් කරන්න බලාපොරොත්තු වෙනවා.
     
    මූලික වශයෙන් “එක දරුවෙකුට එක ක්‍රීඩාවක්” යන සංකල්පය යටතේ හැම දරුවෙක්ම පාසලේ අවම වශයෙන් එක් ක්‍රීඩාවක් හෝ කල යුතුයි යන වැඩපිලිවෙලට අපි අත ගහලා තියෙන්නේ. දෙවනුව ඒ ක්‍රීඩාව කරන හැම දරුවෙකුටම පාසල් වාර විභාගයට, අ.පො.ස සාමාන්‍ය පෙල හා උසස් පෙල විභාගවලට ලකුණු ලබා දෙන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. 
     
    මෙයින් අපි බලාපොරොත්තු වෙන්නේ හැම දරුවෙක්ම ක්‍රීඩාව කෙරෙහි යොමු කරවන්න. තුන්වෙනි කාරණය තමයි පාසලෙන් බිහිවෙන ක්‍රීඩා දරුවන් දිස්ත්‍රික් සංචිතයක් තුලට යොමු කරන්න. අපේ සියලුම දරු දැරියන් හට ඔවුන්ව දීර්ඝ කාලීනව බලා ගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න දැනට වැඩ කටයුතු සැලසුම් කරලා තියෙනවා.
     
    පාසල් අධ්‍යාපනයෙන් පස්සේ තමන්ගේ දක්ෂතා පසෙකලා ආර්ථික අභියෝග ජය ගන්න අපේ දරුවන් රැකියා කරා යොමු වෙනවා.ඒ නිසා ඔවුන් ක්‍රීඩාව පැත්තකින් තියලා ජීවන අරගලය සදහා සටන් වදිනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා 
     
    මේ සංචිතයේ ඉන්න සියලු දෙනා වෙනුවෙන් ආසියානු මට්ටමේ, ඔලිම්පික් මට්ටමේ දක්ෂතා පෙන්නන්න පුලුවන් සියලුම දරුවන් මා පිය කැපකරු ක්‍රමය යටතේ බලා ගන්න වැඩ පිලිවෙලක් සකස් කරන්න. ඒ විතරක් නෙවේ ක්‍රීඩකයන් වෙනුවෙන් ලංකාවේ සෑම පුද්ගලික ආයතනයකින්ම රැකියා ලබාදීමේදී 5%  වෙන් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ක්‍රියාදාම හරහා අපිට ක්‍රීඩාව ඉතා ඉහල මට්ටමකට ගෙන යාමට හැකිවෙනවාලංකාවේ පාසල් 10,000 ක පමණ ප්‍රමාණයකින් ශාරීරික අභ්‍යාස ගුරුවරු ඉන්නේ 3,400 යි. තව 5,100 ක් බදවා ගන්න මමත්, අකිල විරාජ් කාරියවසම් මැතිතුමාත් දෙන්නා එකතුවෙලා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා  අපිබලාපොරොත්තු වෙනවා. ඒ 5,100 ප්‍රමාණය ලබන අවුරුද්දේ බදවාගෙන මේ හැම පාසලකටම ශාරීරික අභ්‍යාස ගුරුවරයෙක් බදවා දෙන්න. අද සමාජ අධ්‍යනය උගන්වන, ඉංග්‍රීසි උගන්වන, වෙනත් විෂයන් උගන්වන ගුරුවරු තමයි නෙට්බෝල්, වොලිබොල් වගේම මළල ක්‍රීඩාත් උගන්වන්නේ. මේ වගේ අමාරු තැනකට තමයි අද ක්‍රීඩාව පත්වෙලා තියෙන්නේ.
     
    පළවෙනි වතාවට පාසල් ක්‍රීඩා ගුරුවරුන්ව හොද පුහුණුවක් ලබා දීලා පුහුණු ගුරුවරුන් ලෙස බදවා ගන්න 2016 අවුරුද්දේ ක්‍රියා කරනවා. ඒ විතරක් නෙවෙයි පාසලේ ක්‍රීඩා කරන දරුවන්ගේ දක්ෂතා කලින්ම හදුනාගෙන ඔවුන්ට වඩාත්ම ගැලපෙන හා දක්ෂතා දක්වා ඉදිරියට පැමිණ ජාත්‍යන්තරය ජය ගන්න හැකි අයුරින් සකස් කරනවා. නැත්නම් දරුවෝ ක්‍රීඩා දහයක් විතර කලාම තමයි එක ක්‍රීඩාවකට දක්ෂයි කියලා හොයා ගන්න පුලුවන් වෙන්නේ. එම දක්ෂතාවය එලියට ගන්න ක්‍රමවේදය අපි ගාව තියෙනවා. ඒකට අවශ්‍ය තාක්ෂණික පහසුකම් අපි ගාව තියෙනවා. අපි 2016 බලාපොරොත්තු වෙනවාදරුවෝ 375,000 ක් මේ ක්‍රමවේදය යටතේ තෝරාගෙන ඔවුන් අතරින් විවිධ ක්‍රීඩාවලට දක්ෂම දරුවෝ ටික තෝරාගන්න. ඒ අනුව ඔවුන් ක්‍රීඩාව තුලින් ජාත්‍යන්තරය ජය ගන්න පුහුණු කරන්න අපි පටන් ගන්නවා. පාසල් අතරින් ක්‍රීඩා කරන පාසල් 22 ක් ලංකාවෙන්ම තෝරාගෙන ලබන වසරේ සම්පූර්ණයෙන්ම අවශ්‍ය සියලුම ක්‍රීඩා භාණ්ඩ හා පුහුණුකරුවන් ලබා දීලා ක්‍රීඩා පාසල් බවට පත් කරන්න බලාපොරොත්තු වෙනවා.යයිද අමාත්‍යවරයා පැවසීය
     
    AP
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya