අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බස්නාහිර - වයඹ වොලිබෝල් ශූරතා දිනති

    දෙසැම්බර් 04, 2015

    41වැනි ජාතික මහා ක‍්‍රිඩා උළෙලේ වොලිබෝල් තරගාවලියේදී පිරිමි ශූරතාව බස්නාහිර පළාත් කණ්ඩායම විසින්  දිනාගන්නා ලදි. එහි කාන්තා ශූරතාව වයඹ පළාත විසින් දිනාගන්නා ලදි. මෙම තරග නාවලපිටිය ජයතිලක ක‍්‍රීඩාංගණයේ ගෘහස්ථ ක‍්‍රීඩාගාරයේදී පැවැත්විණ.


    පිරිමි අවසාන මහා තරගයේ දක්‍ෂතම ක‍්‍රීඩකයා ලෙස බස්නාහිර පළාත් කණ්ඩායම් දිප්ති රොමේෂ් රණවක තේරිපත් විය. කාන්තා අවසන් තරගයේ දක්ෂතම ක‍්‍රීඩිකාව ලෙස තේරී පත් වූයේ වයඹ පළාත් කණ්ඩායමේ ඉරේෂා උමයන්ගනී ය.


    පිරිමි අවසාන පුර්ව තරගයේදි සබරගමුව පළාත් හා උතුරු මැද පළාත් කණ්ඩායම් තරග වැදුනු අතර එහිදී ලකුණු 25/17, 25/18 සහ 25/22 ලෙස සබරගමුව කණ්ඩායම ජයගත් අතර බස්නාහිර හා වයඹ කණ්ඩායම් අතර පැවැති අනෙක් අවසන් පූර්ව තරගයේදී ලකුණු 25/15, 25/19 සහ 25/21 ක් ලෙස ජයගැනීමට බස්නාහිර කණ්ඩායම සමත් විය. තෙවන ස්ථානය සඳහා පැවැති තරගයේදී ලකුණු 23/25, 25/23 සහ 25/21 ක් ලෙස වයඹ පළාත් කණ්ඩායම ජයග‍්‍රණය කළේය.


    කාන්තා අවසාන මහ තරගයේදී ලකුණු 25/15, 25/18 සහ 25/21 ලෙස බස්නාහිර පළාත් පිල පරාජය කරමින් වයඹ පළාත් කණ්ඩායම ශූරතාව දිනාගත්තේය. අවසාන පූර්ව තරගයේදී බස්නාහිර හා දකුණු පළාත් තරග වැදුනු අතර එහිදී ලකුණු 22/25, 25/15, 26/24 සහ 25/22 ළෙස බස්නාහිර පළාත් කණ්ඩායම ජයගත්තේය. දෙවැනි අවසන් පූර්ව තරගයේදී වයඹ පළාත් කණඩායම හා උතුරු මැද පළාත් කණඩායම තරග වැදුනු අතර එම තරගයේදි 25/18, 25/14 සහ 25/13 ක් ලෙස වයඹ පළාත් කණඩායම ජයගත්තේය. තෙවන ස්ථානය තේරීමේ තරගයේදී උතුරු මැද කණ්ඩායම ලකුණු 25/16, 25/16 සහ 25/13 ක් ලෙසින් පරාජය කළ දකුණු පළාත් කණ්ඩායම විසින් තුන්වැනි ස්ථානය හිමිකරගන්නා ලදි.


    ජය සංකේත හා තිළිණ ප‍්‍රදානය මධ්‍යම පළාත් සභා මන්ත‍්‍රී මානෙල් බණ්ඩාර, ක‍්‍රීඩා අමාත්‍යංශයේ  අතිරේක ලේකම් සෝමරත්න විදානපතිරණ සහ මධ්‍යම පළාත් ක‍්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් කුමුදුනී විරසේකර කරුණාරත්න යන අයගේ ප‍්‍රධානත්වයේන පැවැත්විණ.

     

    girl team1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya