අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චෙන්නායි අගනුවර ජල ගැලීම් නිසා 280කට අධික පිරිසක් මරුට

    දෙසැම්බර් 05, 2015

    දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි අගනුවර ජල ගැලීම් නිසා මරණයට පත් සංඛ්‍යාව මේ වන විට 280කට අධික බව ද හින්දු පුවත්පත වාර්තා කරයි.

    ඉන්දීය රජය විසින් ගංවතුර උවදුර හේතුවෙන් කොටු වී සිටින ජනතාව බේරා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කෙරෙමින් පවතී.

     

    යුද හමුදාව විසින් මේ වන විට 2000 කට අධික ජනතාව බේරා ගෙන ඇති අතර කිමිදුම් කරුවන් ,බෝට්ටු සහ සහන මෙහෙයුම් වලට අවශ්‍ය උපකරණ රැගත් යුද නැවක් යෙදවීමට ඉන්දීය නාවික හමුදාව තීරණය කර ඇති බවත් වාර්තා වෙයි.

     

    චෙන්නායි ගුවන් තොටුපොළ තවමත් වසා දමා ඇති අතර සියලු දුම්රිය ගමන් ද නවත්වා ඇත. තමිල්නාඩු ප්‍රාන්තයට පුරා දින තුනක් වහින වැස්ස තවමත් නතර වී නොමැති අතර මිලිලීටර් 200කට ඉක්මවූ වර්ෂාපතනයන් ඊට ඇතුළත් වේ.

     

    ඉන්දීය කාලගුණ දෙපාර්තමේන්තුව පවසන හැටියට වායු ගෝලයේ පවතින අහිතකර දේශගුණය ශ්‍රී ලංකාව කෙරෙහිත් බලපෑ හැකියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya