අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජොනා ලෝමූ දිවියෙන් සමුගනී

    නොවැම්බර් 19, 2015

    නවසීලන්ත රග්බි පිලේ හිටපු කී‍්‍රඩකයකු මෙන්ම අන්තර්ජාතික රග්බි පිටියේ දැවැන්ත චරිතයක්ව සිටි ජොනා ලොමූ පසුගිය අඟහරුවාදා රාති‍්‍රයේ (17) හදිසියේම මෙලොව හැර ගියේය.

    කලක පටන් දරුණු ආකාරයේ වකුගඩු රෝගයකින් පෙළෙමින් සිටි ඔහු මිය යන විට 40 හැවිරිදි විය පසුකළා පමණි.

     

    ලොමූ 5 හැවිරිදි හා 6 හැවිරිදි පුතුන් දෙදෙනෙකුගේ පියෙක් වන අතර ඔහුගේ බිරිද නදේනි සිය සැමියාගේ අකල් වියෝව සම්බන්ධව මුහුණු පොතට සිය පවුලේ පින්තූරයක් ද සමඟ ශෝක නිවේදනයක් නිකුත් කර ඇතැයි විදෙස් පුවත් වාර්තා කරයි.

     

    නවසීලන්ත අගමැති ජෝන් කී ද මේ ශ්‍රේෂ්ඨ නවසීලන්ත පුත‍්‍රයා වෙනුවෙන් ශෝක පණිවුඩයක් නිකුත් කර තිබිණි.

     

    ජොනා ලොමූ වකුගඩු ආබාධයෙන් පෙළෙමින් සිටියදීම රට වෙනුවෙන් සිය වගකිම් කොටස නොපිරිහෙලා ඉටු කළේ 1999 ලෝක කුසලාන රග්බි තරගමාලාවේ උත්සාහක දිනුම් 8 ක්ම තබමින් එක් තරගමාලාවකදී වැඩිම උත්සාහක දිනුම් සංඛ්‍යාවක් තැබීමේ ගෞරවයත්, වාර්තාවත් දිනා ගත්තේය.

     

    ඒ වාර්තාවත් සමඟ 1995 වසරේ තරගමාලාවේ උත්සාහක දිනුම් 7ක් තැබීමෙන් සිය ලකුණු මල්ල තරකර ගත් මේ කී‍්‍රඩකයා එදා මෙදා තුර ලෝක කුසලාන තරග ඉතිහාසයේ වැඩිම උත්සාහක දිනුම් සංඛ්‍යාවක් තැබීමේ වාර්තාවත් අත්කර ගත්තේය. නමුත් මේ අසහාය කී‍්‍රඩකයාට තවත් වාර්තා රැසක් තැබීමේ වාසනාව අහිමිවි ගියේ වකුගඩු රෝගය වරින් වර උත්සන්න වීම හේතුවෙන් කී‍්‍රඩාවට සමුදීමට සිදුවීමෙනි. මෙම සුපිරි කී‍්‍රඩකයා නවසීලන්තය වෙනුවෙන් රග්බි ටෙස්ට් තරග 73කට සහභාගි වී උත්සාහක දිනුම් 43 ක් තබා ඇත.

     

    ජීවිතයෙන් සමුගැනීමට පෙර පිට පිට දෙවතාවක්ම නවසීලන්ත පිල රග්බි ලෝක කුසලානය අත්පත් කරගැනීම දැකබලාගැනීමට ඔහුට වාසනාව තිබිණි. පසුගිය මාසයේදී ලන්ඩන් නුවරදී නවසීලන්ත පිල රග්බි ලෝක කුසලාන දිනාගත්තේ පිට පිටම දෙවැනි වතාවටය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya