අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතලේ නව දිස්ත්‍රික් ක්‍රීඩාංගණය සඳහා මුල්ගල තැබීම

    නොවැම්බර් 20, 2015
    මාතලේ බර්නාඩ් අලුවිහාරේ ක්‍රීඩාංගන පරිශ්‍රයේදී නව දිස්ත්‍රික් ක්‍රීඩාංගනය සඳහා මුල්ගල තැබීම මෙම මස  22  වන දින පෙ.ව.10.00 ට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සුරතින් සිදුකිරීමට කටයුතු යොදා ඇත.
     
    මෙම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය එච්. එම්.එම් හාරීස්, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ, වැවිලි කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා සහ මධ්‍යම පළාත් ක්‍රීඩා අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක්  සහභාගී වීමට නියමිතය. 
     
     
    AP/DMU-Matale

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya