අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චීනයේ හෙබෙයි පළාතේ දූත පිරිසක් ශ‍්‍රී ලංකාවේ සංචාරයක

    නොවැම්බර් 16, 2015

    චීනයේ හෙබෙයි පළාත නියෝජනය කරමින්, දූත පිරිසක් පසුගියදා ශ‍්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

    හෙබෙයි පළාතේ, විදේශීය රටවල මිත‍්‍රත්වය සඳහා වන චීන ජනතා සංගමයේ (Hebei People’s Association for Friendship with Foreign Countries ) ප‍්‍රධාන උපදේශක ෂියූ චියාන්ග් (Xu Qiang) ෂින්ටායි නාගරික ආණ්ඩුව නියෝජනය කරමින් එහි අධ්‍යක්‍ෂ ලොන්ග් චින්ග්චෝයු (Long Xingzhou) ඇතුළු 6 දෙනෙකුගෙන් සමන්විත මෙම පිරිස ඊයේ (15) නිවිතිගල ප‍්‍රදේශයේ සංචාරයට එක් වූහ.

    එසේම විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියගේ ආරාධනයකට අනුව නිල සංචාරයක් සඳහා පැමිණි මෙම දූත පිරිස නිවිතිගල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති උත්සවයකට සහභාගි වූහ.

    එහිදී චීනයේ ෂින්ටායි නගරය හා නිවිතිගල නගරය සම්බන්ධ කර, ආර්ථික අධ්‍යාපනික හා සමාජ සහයෝගිතාවය වර්ධනය කිරීම පිළිබඳව අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය සමඟ සාකච්ඡා කළහ.

    චීනය ඉතා දියුණු රාජ්‍යයක්. චීනයේ හෙබෙයි පළාත නියෝජනය කරමින් පැමිණි දූත පිරිස නිවිතිගල සංචාරය කළා. නිවිතිගල නගරයත්, චීනයේ ෂින්ටායි නගරයත්, නිවිතිගල පාසලක් හා හෙබෙයි පළාතේ පාසලක් අතර, සහයෝගිතාව හුවමාරු කර ගැනීමට සාකච්ඡා කර තිබෙන අතර ඉදිරියේදී විශාල වැඩකොටසක් කිරීමට හැකිවනු ඇතැයි ඇය සඳහන් කළාය.

    එසේම මැණික් හා තේ අපනයනයට චීනය තුළ හොඳ වෙළඳපොළක් ඇති කිරීම පිළිබඳවද සාකච්ඡාවට ලක් වූ අතර චීනයේ දියුණු නාගරික සංවර්ධනය ශ‍්‍රී ලංකාවේ නාගරික සංවර්ධනයට ඉවහල් කරගැනීමටද මෙය හොඳ අවස්ථාවක් බව ද අමාත්‍යවරයා පැවසීය.

     

    kpm

    මෙම අවස්ථාවට නිවිතිගල ප‍්‍රාදේශීය ලේකම් අවන්ති සේනාරත්න, ශ‍්‍රී ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයෝගිතා සංගමයේ සභාපති ඉන්දානන්ද අබේසේකර ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya