අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ක්‍රීඩා ඇමති ජාත්‍යන්තර වුෂු සම්මේලනයයේ සභාපති හමුවේ ​

    නොවැම්බර් 17, 2015

    පසුගිය දිනවලදී ඉන්දුනීසියාවේ ජකාර්තා නුවරදී පැවති 13 වෙනි ලෝක ශුරතා වුෂු තරගාවලියට සහභාගී වූ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ජාත්‍යන්තර වුෂු සම්මේලනයේ සභාපති චායිකිං සහ චීන වුෂු සම්මේලනයේ සභාපති ශෑන් කිපිං යන මහත්වරුන් හමුවිය.

    නව යොවුන්වියේදී වුෂු ක්‍රීඩාවේ නිරත වූ ලොව ප්‍රථම ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස සැලකෙන දයාසිරි ජයසේකර මහතාට වුෂු සම්මේලනයෙන් ලැබුණු ආරාධනාවකට අනුව එම තරගාවලියට සහභාගී වීමෙන් අනතුරුව මෙම හමුවීම සිදුවූ අතර එහිදී ක්‍රීඩා අමාත්‍යවරයා ජාත්‍යන්තර වුෂු බලධාරීන්ට ශ්‍රී ලංකාවේ වුෂු ක්‍රීඩාව වෙනුවෙන් තම අමාත්‍යංශය සැලසුම් කර ඇති වැඩපිළිවෙල විස්තර කර සිටියේය. එමෙන්ම ශ්‍රී ලංකාව තුල ගෘහස්ත වුෂු ක්‍රීඩාගාරයක් ඉදිකිරීමට ප්‍රමුඛත්වය දී ඇතැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත. ඒ සඳහා තම පූර්ණ සහයෝගය දීමට ද වුෂු සම්මේලනයේ සභාපතිවරයා පොරොන්දු වී ඇත.

     

    තවද වැඩිදුර පුහුණුවීම් සඳහා ශ්‍රී ලාංකීය වුෂු කණ්ඩායම් චීනයට එවන ලෙසට චීන වුෂු සම්මේලනයේ සභාපති කිපිං මහතා දයාසිරි ජයසේකර අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක්ද කර ඇත. ඊට අමතරව ශ්‍රී ලංකාව තුළ දිස්ත්‍රික්ක සහ ග්‍රාමීය මට්ටමින් වුෂු ක්‍රීඩා අංග යොදා ගනිමින් සෞඛ්‍ය තත්වය නඟා සිටුවීම සඳහා විශේෂ වුෂු වැඩසටහන් පැවැත්වීමට සහයෝගය දීමට ද මෙම සාකච්ඡාවේදී ඔවුන් එකඟ වී ඇත.

     

    මෙම අවස්ථාවට ශ්‍රී ලංකා වුෂු සම්මේලනයේ ප්‍රධාන විධායක නිලධාරි මානෙල් ධර්මකීර්ති මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ. ​

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya