මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික මහා ක්‍රීඩා උළෙල දෙසැම්බර් 18 සිට

    නොවැම්බර් 12, 2015

    41 වන ජාතික මහා ක්‍රීඩා උළෙල මෙවර අති උත්කර්ෂවත් අන්දමින් ලබන දෙසැම්බර් මස 18,19,20 යන දිනයන්හිදී දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට සියලු කටයුතු සැලසුම් කර ඇති බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසී ය.

    අමාත්‍යවරයා මේ පැවසූවේ, ජාතික මහා ක්‍රීඩා උළෙල පිළිබඳ දැනුවත් කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ ඊයේ (11) පැවති මාධ්‍ය හමුවට සහභාගී වූ අවස්ථාවේදී ය.

     

    මෙවර ලංකාවේ සෑම දිස්ත්‍රියක්ම නියෝජනය වන පරිදි ක්‍රීඩා ඉසව් පැවැත්වෙන ස්ථාන සංවිධානය කර තිබෙන විශේෂයෙන්ම නොවැම්බර් 20 සිට 22 දිනවල බීච් බෝල් තරගාවලිය ත්‍රිකූණාමලය වෙරළ තීරයේ පැවැත් වේ.

     

    එසේම නොවැම්බර් 27 සිට 30 දක්වා කබඩි තරග මන්නාරම ක්‍රීඩාංගනයේ, නොවැම්බර් 27 සිට 29 දක්වා ක්‍රිකට් මාතර උයන්වත්ත ක්‍රීඩාංගනයේ, නොවැම්බර් 26 සිට 29 දක්වා ජූඩෝ ක්‍රීඩාව තංගල්ල රාහුල විද්‍යාලයේ, වොලිබෝල් නාවලපිටියේ, පාපන්දු බදුල්ලේ, කරාතේ ක්‍රීඩාව අනුරාධපුරේ, එල්ලේ කුලියාපිටිය ක්‍රිඩාංගනයේ, ගම්පහ, ගල්කිස්ස,කොළඹ යනාදි ලෙස දිවයිනම ආවරණය වන පරිදි මෙම ක්‍රීඩා ඉසව් වේ.

     

    මෙවර ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1,500 ක් පමණ තරග සඳහා ඉදිරිපත් වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා විනිසුරුවන්, තීරකයන්, නිලධාරීන් විශාල පිරිසක් මේ සඳහා සම්පත් දායකත්වය ලබා දී තිබෙන බව ද සඳහන් කළේය.

     

    මෙවර අභිමානවත් ලෙස දෙසැම්බර් 18 දින ක්‍රීඩා උළෙලේ සමාරම්භක අවස්ථාව සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගීවීමට නියමිතයි. දෙසැම්බර් 20 වන දින එහි කුසළාන ප්‍රදානෝත්සවයට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සහභාගීවීමට නියමිතය.



    එම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ඩී.එම්.ආර්.බී. දිසානායක මහතා, ක්‍රීඩා අමාත්‍යතුමාගේ මාධ්‍ය ලේකම් හා ජාතික මහා ක්‍රීඩා උළෙලේ මාධ්‍ය කමිටු සභාපති ප්‍රසන්න අධිකාරි මහතා, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් කේ.ඩී.එස්.රුවන් චන්ද්‍ර මහතා, ක්‍රීඩා අධ්‍යක්ෂ අයි.පී.විජේරත්න මහතා යන මහත්වරුන් ඇතුළු ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරී පිරිසක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya