මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශී‍්‍ර ලංකාවේ මානව අයිතීන් වැඩිදියුණු වෙලා - බි‍්‍රතාන්‍ය කියයි

    ජූලි 21, 2015
    මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත ජනාධිපති ධුරය හිමිවීමෙන් පසු ගත වූ කාලයේ ශී‍්‍ර ලංකාවේ මානව අයිතීන් වැඩිදියුණු වී ඇතැයි මහා බි‍්‍රතාන්‍ය රජයේ වාර්තා ප‍්‍රකාශ කරයි.
     
    මහා බි‍්‍රතාන්‍ය විදේශ සහ පොදු රාජ්‍ය කටයුතු අමාත්‍යාංශයේ 2015 මැද මානව අයිතීන් පිළිබඳ වාර්තාවේ සඳහන් වන අන්දමට ශී‍්‍ර ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ මානව අයිතීන් වර්ධනය කිරීමට ගෙන ඇති පියවර අතර නව ආයතන ස්ථාපිත කිරීම, නීති ප‍්‍රතිසංස්කරණ ඇති කිරීම සිදු කර තිබේ.
     
    අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස දියුණු වී ඇති බවත් රටින් පිටව ගොස් සිටින මාධ්‍යවේදීන්ට නැවත රටට පැමිණෙන ලෙසට ආරාධනා කිරීම සහ තහනම් කරන ලද හා අවහිර කරන ලද වෙබ් අඩවිවලට ද ඉඩ ලබාදීම එම පියවරයන් අතර වේ. 
    ප‍්‍රජාතන්ත‍්‍රවාදී වපසරිය පුළුල් වී ඇති අතර විදේශිකයන්ට උතුරට යාමට පනවා තිබූ තහනම ද ඉවත් කර තිබේ.
     
    ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තිබූ රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලය ප‍්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයට ගැනීම, මානව අයිතීන් වර්ධනය වීම සඳහා ගෙන ඇති පියවර අතර වෙතැයි එම වාර්තාවේ තවදුරටත් සඳහන් වේ.
     
    උතුරු - නැගෙනහිර පළාත්වල හමුදා කටයුතු අඩුකර සිවිල් සමාජ කි‍්‍රයාකාරකම් වැ කිරීම ද මේ අතර වේ. 2015 පළමු භාගයේදී ශී‍්‍ර ලංකාවේ මානව අයිතිවාසිකම් තත්ත්වය වර්ධනය වී ඇති බව එම වාර්තාවේ සඳහන් වේ. ඒ සඳහා හමුදා සහ එල්.ටී.ටී.ඊ.ය සමඟ ඇති වූ ගැටුම් නිරාකරණය කර ගැනීමට දේශීය හා විදේශීය න්‍යායපත‍්‍රයකට අනුව කටයුතු සිදු කර ඇත. 
     
    චෝදනා ලබා සිටි ත‍්‍රස්තවාදීන් මුදාහැරීම හා සුළුතර ආගමිකයන්ට එරෙහි ව කර තිබූ කි‍්‍රයා නතර කර ඇත. වධහිංසා කිරීම් හා නීති විරෝධී ඝාතන නතර කර ඇත. උතුරේ හමුදා අවශ්‍යතා සඳහා පවරා ගෙන තිබූ ඉඩම් නැවත සිවිල් පුරවැසියන්ට ලබාදීම, යුද තත්ත්වයක් තිබූ පළාත් දෙකට සිවිල් පුද්ගලයන් ආණ්ඩුකාරවරුන් ලෙස පත් කිරීම මේ කටයුතු අතර ප‍්‍රමුඛතාවක් ගනී.
     
    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya