මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජපාන මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව වැඩසටහන - 2015

    ජූලි 18, 2015
    ජපාන මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව වැඩසටහන -2015 වර්ෂය සඳහා සුදුසුකම් ලැබූවන්ගේ පහසුකම් සැපයීම වෙනුවෙන් ජපන් යෙන් මිලියන 226ක් (ආසන්න වශයෙන් රුපියල් මිලියන 245ක්) ප්‍රදානයක් ලබා දීමට ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JICA) එකඟතාව ලබා දී ඇති අතර ඒ සඳහා වන ප්‍රදාන ගිවිසුමට එළඹීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.
     
    මෙම වසර සඳහා සුදුසුකම් ලබා ඇති කණ්ඩායම දැනටමත් තෝරා ගෙන ඇති අතර ඔවුන්ගේ අධ්‍යයන කටයුතු මෙම වර්ෂයේ සැප්තැම්බර් මාසයේ සිට ආරම්භ වේ. 
     
    ජපානයේ පිළිගත් විශ්වවිද්‍යාලයන්හි පශ්චාත් උපාධි පාඨමාලා හැදෑරීම සඳහා අවස්ථා ලබාදීම මඟින් ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ විධායක මට්ටමේ නිලධාරින්ගේ නිපුණතා වර්ධනය කිරීම උදෙසා ජපාන රජය විසින් 2010 වසරේදී මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව සඳහා වන ජපාන ආධාර ප්‍රදාන වැඩසටහන ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලදී. 
     
    එය 2013 වසරේදී හා 2014 වර්ෂයේදී ක්‍රියාත්මක කරන ලද අතර එමඟින් නිලධාරින් 90 දෙනෙකුට අධ්‍යයන අවස්ථා සැලසිණි. 
     
    kpm
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya