මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව වාර්තා රැසක් සමඟින් ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනා වර්ෂික මළල ක්‍රීඩා උළෙල නිමාව දකී

    ජූලි 17, 2015
    ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනාවේ නිලධාරීන්ගේ සහ සෙසු නිලයන්ගේ ක්‍රීඩා කුසලතා ඔප් නැංවීමේ අදහසින් පවත්වනු ලැබූ ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනා ‘අන්තර් රෙජිමේන්තු මළල ක්‍රීඩා ශූරතා තරගාවලිය - 2015’ පසුගියදා දියගම ක්‍රීඩාංගණයේ දී ආරම්භ වු අතර, තෙදිනක් පුරා පැවති මෙම තරගාවලිය නව ක්‍රීඩා වාර්තා රැසක් තබමින් ඊයේ (16)  සන්ධ්‍යාවේ නිමා විය. 
     
    මේ සඳහා කාන්තා කණ්ඩායම් 05ක් සහ පිරිමි කණ්ඩායම් 20ක් නියෝජනය කරමින් තරගකරුවන් 600 දෙනෙක් සහභාගී වූහ. ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක හා ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් චන්න ගුණතිලක මහතාගේ ආරාධනයෙන් මෙම ක්‍රීඩා උළෙලෙ හි වර්ණවත් සමාප්ති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා සහභාගි විය. 
     
    මෙහිදී ප්‍රධාන ආරාධිත අමුත්තාගේ සුරතින් නව තරග වාර්තා බිහිකළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කුසලාන සහ සහතිකපත් ලබා ගත් අතර, එම අවස්ථාවේ ජවන සහ පිටියේ ක්‍රීඩා ඉසව්  රැසක්  ද පවත්වනු ලැබීය. ක්‍රීඩාංගණය පසුබිමින් ශ්‍රී ලංකා යුද හමුදා, ස්වේච්ඡා බල සේනා සහ යුද හමුදා ක්‍රීඩා ධජයන් ගුවනේ ලෙල දෙත්දී ස්වේච්ජා බලසේනා සෙබලුන් විසින් වර්ණවත් සරඹ සංදර්ශනයක් ද පැවැත්විණි.
     
    ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනා ක්‍රීඩා දින පොතෙ හි වාර්ෂික අංගයක් බවට මෙන්ම ස්වෙච්ඡා බල සේනාවේ ක්‍රීඩාවට ලැදි පිරිස වෙනුවෙන්ම මෙම ක්‍රීඩා උළෙල පැවැත්වෙන අතර, එමඟින් ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා ක්ෂතාවන්ගෙන් පිරිපුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් බොහෝ දෙනෙක් බිහි වී ඇත.
     
    යුද හමුදාපතිතුමා විසින් නිල වශයෙන් මෙම ක්‍රීඩා උළලේ සමාප්තිය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ධජ අඩකුඹු කරමින් ‘ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනා අන්තර් රෙජිමේන්තු මළල ක්‍රීඩා ශූරතා තරගාවලිය - 2015’ නිමා විය.
     
    මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනා නිලධාරීහු, සෙසු නිලයන් ඇතුළු බොහෝ පිරිසක් සහභාගී වූහ.
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya