මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    59 වන සේනාංක පාපන්දු තරගාවලියේ ජය 14 වන ශ්‍රී ලංකා පාබල හමුදා කණ්ඩායමට

    ජූලි 16, 2015
    59 වන සේනාංකයෙහි 591, 592 සහ 593 යන බල සේනා එක්ව සංවිධානය කරනු ලැබූ අන්තර් ඒකක පාපන්දු තරගාවලිය පසුගියදා වට්ටප්පලෙයි සෙන්ද්මින් ක්‍රීඩාංගණයේ දී පවත්වනු ලැබීය.  
     
    59 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් එල්.එම්. මුදලිගේ අධීක්ෂණය යටතේ පැවැත් වූ මෙම පාපන්දු තරගාවලිය සඳහා කණ්ඩායම් 10ක් තරග වැදුණ අතර එම අවස්ථාවෙ හි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් පී.යු.එස්. විතාගේ සහභාගී විය.
     
    මෙහි අවසන් මහා තරග 24 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු කණ්ඩායම සහ 14 වන ශ්‍රී ලංකා පාබල හමුදා කණ්ඩායම අතර පැවැත්විණි.
     
    තරගාවලියේ ජයග්‍රාහක කණ්ඩායම සඳහා කුසලාන සහ සහතිකපත් ප්‍රදානය ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් සිදු කරනු ලැබීය. 
     
    මෙම අවස්ථාව සඳහා 59 වන සේනාංකය යටතේ රාජකාරී නියුතු නිලධාරීහු සහ සෙසු නිලයන් බොහෝ පිරිසක් ද සහභාගී වූහ
     
    NDH/army.lk

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya