මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුද හමුදා කාන්තා රග්බි කණ්ඩායම සත් සාමාජික රග්බි ශූරතාවය හිමි කරගනී

    ජූලි 22, 2015
    පසුගියදා හැව්ලොක් ක්‍රීඩාංගණයේ පැවති අන්තර් සමාජීය සත් සාමාජික කාන්තා රග්බි ශූරතා තරගාවලියේ අවසන් තරගයෙන් ජයග්‍රහණය හිමි කරගැනීමට යුද හමුදා රග්බි ක්‍රීඩිකාවෝ සමත් වූහ. 
     
    ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල ද මෙම තරගය නැරඹීමට එක්වූහ.
     
    ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා රග්බි කණ්ඩායම සමඟ අවසන් තරගයට පිටියට පිවිසි ශ්‍රී ලංකා යුද හමුදා රග්බි ක්‍රීඩිකාවෝ සිය ජයග්‍රහණය තහවුරු කර ගත්තේ 22 - 10 ක් ලෙස ගෝල වාර්තා කරමිනි. නාවික හමුදා ක්‍රීඩිකාවෝ අනු ශූරතාවය දිනා ගත්හ.
     
    ගුවන් හමුදාපති ගගන් බුලත්සිංහල මහතා සිය සුබපැතුම් ද සමඟින් ජයග්‍රාහී යුද හමුදා කාන්තා රග්බි කණ්ඩායමට හිමි ශූරතාවය පිරිනැමුවේ ප්‍රේක්ෂක ඔල්වරසන් මධ්‍යයේය. යුද හමුදා කාන්තා රග්බි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු කපිතාන් එන්.ආර්. මීපගේ, සහාය පුහුණුකරු බලලත් නිලධාරී 11 එම්.එම්.එස්.සී. මදුරුසිංහ, මා/සැරයන් යූ.එම්.ඒ.එන්. ප්‍රියංකර සහ තවත් යුද හා නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම අවස්ථාවට එක්වූහ.
     
    යුද හමුදා කාන්තා රග්බි ක්‍රීඩිකා ලාන්ස් කෝප්‍රල් අයේෂා පෙරේරා මෙම තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මානයට පාත්‍ර වූවාය. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya