මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දු-ශ්‍රී ලංකා මිත්‍රත්වයට නව පාලමක්

    ජූනි 18, 2015

    ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මුහුද හරහා පාලමක් හා දිය යට උමගක් ඉදිකිරීමට දිල්ලි මධ්‍යම රජය තීරණය කර ඇතැයි ඉන්දීය මහාමාර්ග ඇමැති නිකින් ගඩ්කාරි මහතා ප්‍රකාශ කර ඇති බව ද හින්දු පුවත්පත වාර්තා කරයි.

     

    කිලෝමීටර් 23ක් දුර ඇති ඉන්දියාවේ ධනුෂ්කෝඩි සිට තලෙයි මන්නාරමේ වෙරළ තීරය යා කරමින් මෙම මාර්ගය ඉදි කිරීමට සැලසුම් කර ඇති බව ඔහු සඳහන් කළේය. ඒ සඳහා ඉන්දීය රුපියල් කෝටි 23,000 ක්‌ වැයවනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත.

     

    මෙම නව මුහුදු පාලම් මාර්ග පද්ධතිය දකුණු ආසියානු කලාපයේ මාර්ග පද්ධතියේ වැදගත් සලකුණක් වන බව ගඩ්කාරි මහතා පවසා ඇත.

     

    ඩනුෂ්කොඩිහි පිහිටි පාන්බාන් නගරයේ සිට ශ්‍රී ලංකාවේ ඉන්දීය දේශසීමාවට ආසන්නම නගරය වන තලෙයිමන්නාරම අතර දුර කිලෝමීටර් 29 ක් වේ.

     

    ඉන්දියාව බුරුමය හා තායිලන්තයටද මාර්ගයක්‌ ඉදිකිරීමට බලාපොරොත්තු වන බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya