මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාව හා පකිස්තානය අතර ක්‍රීඩා සංවර්ධනයට ගිවිසුමක්

    මාර්තු 19, 2015

    අන්‍යෝන්‍ය ක්‍රියාකාරිත්වය හා අභිලාෂය මත පදනම්ව ක්‍රීඩා පර්යේෂණ, සංවර්ධනය සහ විශිෂ්ටත්වය යන ක්ෂේත්‍රයන්හි සහයෝගිතාව සඳහා අවශ්‍ය කාර්ය රාමුවක් සැකසීමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකාව හා පකිස්තානය අතර ගිවිසුමකට එළඹීම පිණිස සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා විසින් ඉදිරිපත් කර තිබූ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

    මේ බව අද (19) දහවල් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රාජිත සේනාරත්න අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

     

    මෙම ගිවිසුම මගින් බොක්සිං, ගොල්ෆ්, කරාතේ, ටයිකොන්ඩෝ, මේස පන්දු, වොලිබොල්, බේස්බෝල්, හොකී, ස්කොෂ් සහ ක්‍රිකට් කණ්ඩායම් හුවමාරු කර ගැනීම, ක්‍රීඩා පුහුණු වැඩසටහන් සහ නිලධාරීන් හුවමාරු කර ගැනිම සහ ක්‍රීඩාව හා බැඳුණු වැඩසටහන් සංවර්ධනය කිරීමට අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය හුවමාරු කර ගැනීම යන ක්ෂේත්‍රයන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනු ඇත.

    MAP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya